යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් මතුවූ අලුත්ම සමූහ මිනීවලේ විමර්ශන කටයුතු සදහා

ජනාධිපති කාර්යාලයෙන් මේ දක්වා මුදල් ලබා නොදීම නිසා කැනීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමුහ මිනීවලේ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් සකස් කළ වියදම් ඇස්තමේන්තුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර පළාත් බද මාධ්‍යවේදීන්ට අනුව එය සති දෙකක් සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලකි.

ජලනල එලීම සඳහා අගල් හැරීමේදී අහම්බයෙන් අනාවරණය වූ කොක්කුතොඩුවායි සමූහ සුසානයේ කැනීම් කටයුතු සදහා මේ දක්වා මුදල් ලැබී නොමැති නිසා කලින් නියම කොට තිබු පරිදි අගෝස්තු 21 වැනිදාට කැණීම් ආරම්භ කිරීමට නොහැකි බව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව අගොස්තු 17 වැනිදා අධිකරණයට දැනුම් දුන් බවයි නීතිඥ වී. එස්. නිරන්ජන් පවසන්නේ.

" 21 වැනිදා කැනීම් කටයුතු පටන්ගන්න තිබුනත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මුදල් මේ දක්වා ලැබිලා නැති නිසා කැනීම් කටයුතු කරන්න බැරි තත්වයක් තියනවා කියලා අධිකරණ වෛද්‍ය නිලධාරී වාසුදේව අධිකරණයේ අවධානයට යොමු කළා ."


අගෝස්තු 21 වැනිදාට කැණීම් ආරම්භ කිරීම පිළිබඳව අගෝස්තු 17 වැනිදා තීන්දුවක් ගැනීමට මුලතිව් අධිකරණය පසුගියදා තීරණය කර තිබු අතර කොක්කුතුඩුවායි සමූහ සුසානයේ තවමත් ආරම්භ කර නොමැති කැණීම් කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුදල් ලබාදෙන බවට අගෝස්තු 8 වැනිදා අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මුලතිව් විනිසුරුවරයාට දන්වා තිබුනි.



නීතිඥ වී.එස්. නිරන්ජන් පවසන්නේ සමූහ මිනීවලේ විමර්ශන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තිරණයක් ගැනීම සදහා අගොස්තු 31 වැනිදා යළි රැස්වී සාකච්ඡා පැවැත්වීමට අගෝස්තු 17 වැනිදා මුලතිව් දිසා විනිසුරු ටී ප්‍රදීපන් නියෝග කළ බවයි.

tyyer4
xcxdf

අගෝස්තු31 වැනි දින පැවැත්වෙන සාකච්ඡාව සදහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, මුලතිව් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශිය සභාවේ හා  විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට අනිවාර්යෙන් සහභාගී වන ලෙස විනිසුරුවරයා නියෝග කළ බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අඛන්ඩ අරගලයක යෙදී සිටින උතුරේත් නැගෙනහිරත් යුද පීඩිත දෙමළ මව්වරුන් ඉල්ලා සිටින්නේ සමූහ මිනීවලේ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් හවුල්කරගන්නා ලෙසයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්