මේ දිනවල යුද හමුදාවට එරෙහිව මාධ්‍ය වාර්තා පළවීම හේතුවෙන් ඒවා සමනය කර ගැනීමේ

අදහසින් තෝරාගත් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් පිරිසක් ගෙන්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදා මූලස්ථානයේදී අගෝස්තු 16 දින විදේශ මත්පැන්වලින් සංග්‍රහ කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.

මෙතෙක් යුද හමුදාපතිවරුන් විසින් එම විෂය ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා දෙසැම්බර් මාසයේදී වාර්ෂික සාදයක් පවත්වා ඇතත්, එසේ නොවන මෙම සාදය සම්බන්ධයෙන් යුද හමුදාවේ ඉහළ නිලධාරින් අතර මෙන්ම මාධ්‍යවේදීන් අතරද දැඩි කතාබහක් ඇති වී තිබේ.

එම නිලධාරින් හා මාධ්‍යවේදීන් පවසන්නේ එම වාර්ෂික සාදයට අමතරව සමහර අවස්ථාවලදී යුද හමුදා දිනය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට සාද පවත්වා ඇතත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මෙම අවස්ථාවේදී මාධ්‍ය සමනය කිරීමේ අදහසින් සාදයක් පැවැත්වීම අනුමත කළ නොහැකි බවයි.

යුද හමුදා වාර්ෂික සාදයේදී කවදාකවත් නොවූ ලෙස ආරාධනා කරන ලද කර්තෘවරුන්ට හා මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ ජංගම දුරකතන ක්‍රියා විරහිත කර ආරක්ෂක නිලධාරින් වෙත ලබා දී සාදය පැවැත්වූ ශාලාවට ඇතුළුවීමට සිදුවී ඇති අතර එම අවස්ථාවට සහභාගී වූ හමුදා නිලධාරින්ටද ඒ ආකාරයටම සිය ජංගම දුරකතන තබා ශාලාවට ඇතුළු වීමට සිදුව ඇත.

යුද හමුදාව සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා පසුගිය කාලයේ පළකළ ආරක්ෂක වාර්තාකරුවන් ලෙස හඳුන්වන පිරිසකට මෙම සාදය සඳහා ආරාධනා කර නැතැයිද වාර්තා වේ.

මෙම සාදය සඳහා සහභාගී වූ මාධ්‍යවේදියෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසූවේ මෙතෙක් යුද හමුදාපතිවරයකු මාධ්‍යවේදීන් සමග පැවැති සාදයකදී හැසිරී නොමැති ආකාරයකට මත්පැන්වලින් සන්තර්පණය වෙමින් යුද හමුදාපතිවරයා එහිදී හැසිරුණු බවයි. ඒ නිසාම කිහිප වරක්ම ආහාර ගැනීමට යමු යැයි සිවිල් ඇඳුමින් සිටි යුද හමුදාපතිවරයාට යෝජනා කිරීමට පහළ නිලධාරින්ට සිදුවූ බවයි.

( 'අනිද්දා' පුවත්පත - ලසන්ත රුහුණගේ)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්