රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සඳහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෙඛ්‍ය අමාත්‍යංශය පවසයි.



නියෝජ්‍ය සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ කෙටි කාලීන ක්‍රම 03ක් යටතේ ක්ෂණික පියවරක්  ලෙස මෙම තීරණය ගත් බවයි.

 

මේ අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා විශ්‍රාම යාම හේතුවෙන් සිදුව ඇති තත්ත්වය පිළිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.



ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග 'නෙත් නිවුස්' වෙත පැවසුවේ වැඩ බලන විශේෂඥ වෛද්‍යවරියක් අනියුක්ත කර ඇතත් ඇය සායනික කටයුතු පමණක් සිදුකරන බැවින් සැත්කම් සිදුකිරීමට නොහැකි වී ඇති බවයි.



වෛද්‍යවරුන් 5,000ක් රටින් පිටවීමේ අවදානමක්


විදෙස් රටවල රැකියා කිරීම සඳහා සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරන්නේ, මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජය කඩිනම් වැඩපිළිවළක් සකස් කළයුතු බවයි.

"බරපතළ කාරණය තමා විදෙස් රටවල වෛද්‍යවරු විදියට සේවය කරන්න අවශ්‍ය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරපු වෛද්‍යවරු 5,000 ප්‍රමාණයක් රට තුළ රැඳී සිටිනවා රැකියාවක් ලැබුණු සැණින් රටින් පිටවෙලා යෑමේ අරමුණින්. 5,000ක් කියන්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් 4න් 1ක ප්‍රමාණයක්. මේ ගැටලුවේ බරපතළතාවය ඉදිරියේ දී වැඩි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකළ යුත්තේ ඒ යන්න තීරණය කරලා ඉන්න වෛද්‍යවරුන් පිරිසට මේ හේතුවට මූලික වූ හේතුකාරණා හඳුනාගනිමින් අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම."

පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 250කට අධික පිරිසක් පද්ධතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසීය.

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්