මේ වනවිට සමාජයේ වපුරමින් තිබෙන ප්‍රචාර අතර ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 88 – 89 කාලයේ දේශපාලන තහනම තුළ ක්‍රියාකළ ආකාරය ගෙන හැර දක්වමින් විවිධ ප්‍රචාරයන් ජනගත කරන පිරිසක්

සිටින අතර එම ප්‍රචාරයන්ට තම මවත් රැවටී ඇති බව විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සඳහන් කළේය.

අද්මිරාල්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) පැවති ගාල්ල දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුළුව අමතමින් ය. 

 

එහිදී වැඩි දුරටත් විශ්‍රාමික රියර් අද්මිරාල් පෙඩ් සෙනෙවිරත්න සඳහන් කළේ 1971 සහ 88/89 කාල පිළිබඳව සතුරන් කුමන අවලාද ගෙන ගියද ජනතා විමුක්ති පෙරමුණ තමන් අතින් සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජාතික ජන බලවේගයේ කොටස්කරුවෙකු ලෙස මේ රට ගොඩ නැගීමට කැපවීමෙන් ක්‍රියාකරන අවංක එකම දේශපාලන සංවිධානය බව ය.

 

විශ්‍රාමික රියර් අද්මිරාල්වරයා එබව අවධාරණය කර සිටියේ, දේශපාලන විශේලේෂකයකු වන වික්ටර් අයිවන් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනට  ද ප්‍රතිචාරයක් ලෙසය.

පවතින දූෂිත ජනතා විරෝධී දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර රට ගොඩ ගත නොහැකි බවද එය ගොඩ ගත හැක්කේ අදූෂිත ජනතා හිතවාදී ජාතික ජන බලවේගයට පමණක් බවද වසර 37ක සේවා කාලයෙන් පසුව විශ්‍රාම ගොස් සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙන්නේ යැයි ඔහු පැවසීය.

සැලකිය යුතු විශ්‍රාම වැටුපක් ලබා ගත්ත ද, තම මාපියන්ට, දූදරුවන්ට සහ ඥාතීන්ට ඉටු කළ යුතු යුතුකම් සිදු කළ නොහැකි බවත් දිනෙන් දිනම රටේ යාචකයන් වැඩි වෙන බවත් මේ දක්වා රට පාලනය කළ පිරිස් අපේ රට හිඟමනයට ඇද දමා ඇති බවත් පෙන්වා දෙනු ලැබීය. එම තත්වයෙන් රට මුදවා ගැනීමට සියලු දෙනාම ජාතික ජන බලවේගය වටා ඒකරාශී විය යුතු බව රියර් අද්මිරාල්වරයා අවධාරණය කළේය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්