රුසියාවේ මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳ මතට කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.



එය වසර 50කට පමණ පසු රුසියාව දියත් කළ පළමු සඳ මෙහෙයුම විය.

dsge

එම යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බසින ලද ප්‍රථම යානය බවට පත් වීමට නියමිතව තිබුණු නමුත් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පැවති අවස්ථාවේ ඇති වූ ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් මෙහෙයුම අසාර්ථක විය.

ඒ හරහා මිදුණු ජලය සහ වැදගත්කමක් උසුලන මූලද්‍රව්‍ය ඇතැයි විද්‍යාඥයින් උපකල්පනය කරන සඳෙහි කොටසක් ගවේෂණය කිරීමට නියමිතව තිබිණි.

රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් ඉරිදා උදෑසන ප්‍රකාශ කළේ, සෙනසුරාදා සවස 2:57ට සුළු වේලාවකට පසු ලූනා-25 සමග පැවති සම්බන්ධතා ගිලිහී ගිය බව ය.

කිලෝග්‍රෑම් 800ක් බරැති යානය "සඳෙහි පෘෂ්ඨය මත ගැටීම හේතුවෙන් විනාශ වී ගිය" බව මූලික සොයාගැනීම්වලින් පෙනී ගියේ යැයි එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මෙහෙයුම අසාර්ථක වූයේ මන්දැයි සෙවීම විශේෂ කොමිසමක් මගින් සොයා බලන බව ද එහි සඳහන් විය.

ලූනා-25 අහිමි වීම රොස්කොස්මොස් ආයතනයට මරු පහරකි. රුසියාවේ සිවිල් අභ්‍යවකාශ වැඩසටහන වසර කිහිපයක් තිස්සේ පරිහානියට පත්ව ඇති අතර, රාජ්‍ය අරමුදල් වැඩි වැඩියෙන් හමුදා කටයුතු වෙනුවෙන් යොමු කෙරේ.


(BBC සිංහල සේවය)

සම්පුර්ණ ලිපිය:

රුසියාවේ ලූනා-25 අභ්‍යවකාශ යානය සඳ මතට කඩා වැටෙයි

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්