සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.


ඊයේ (21) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ සන්ධානය තවදුරටත් පුළුල් කර රට අකර්මණ්‍ය කරමින් රට විනාශ මුඛයට ගෙනයන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහිදී යෝජනා වී තිබේ.

ඒ අනුව සිය සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගීම සම්බන්ධයෙන් සජබ හා ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු නිදහස් ජනතා සභාවේ නියෝජිතයින් අතර පසුගිය දිනවල පැවති සාකච්ජා සාර්ථක වී ඇතැයි වාර්තාවේ. 

369197785 852002346497220 3317056795475756915 n



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image