සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග්

(Lee Hsien Loong) අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය.

දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

එසේම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබිණි.

සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ස්ථීර ලේකම් (සංවර්ධන) බේහ් ස්වන් ජින්  (Beh Swan Gin) සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන ගිවිසුමට අත්සන් තැබීය.

පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙලෙස අත්සන් තැබිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර සිංගප්පූරුවේ තිරසර සහ පරිසරය පිළිබඳ අමාත්‍යවරිය වන ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) ද ඊයේ (21) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීය.

Sri Lanka Singapore signed an MOU 1

Sri Lanka Singapore signed an MOU 3

Sri Lanka Singapore signed an MOU 2

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්