කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති, වත්මන් ජනාධිපති උපදේශක රෝසි සේනානායක සම්බන්ධයෙන් ඇයගේ නගරාධිපති ධුර කාලයට අදාළව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව නිසි ක්‍රියා පටිපාටිය

අනුගමනය කරන බව පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සඳහන් කරයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, කොළඹ මහ සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායකගේ ධූර කාලයේ සිදුවී ඇති දූෂණ සම්බන්ධයෙන් එහි හිටපු නාගරික මන්ත්‍රීන් පිරිසක් විසින් ලබාදුන් පැමිණිල්ල ගැන විමසූ අවස්ථාවේදීය.   

එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබුනේ හිටපු නගරාධිපතියගේ ධූර කාලයේ සිදුවී ඇති දුෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසමක් පත්කර සොයා බලන ලෙසයි. 

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසමක් පත් කරන්නේ දැයි බස්නාහිර ආණ්ඩුකාරවරයා ගෙන් තවදුරටත් විමසීමේදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ මූලික කටයුතු මුලින්ම සිදුකළ යුතු බවයි. 

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් හා සමගි ජන ජනබලවේගයෙන් එම නගර සභාවට නාමයෝජනා භාරදී ඇති රිසාක් සාරුක්, ෂමීර් ෂහබ්දීන්, මොහොමඩ් ඩිල්ශාන්, මොහොමඩ් මිලාර්, අබ්දුල් බෂීඩ් විසින් මෙම පැමිණිල්ල බස්නාහිර ආණ්ඩුකාරවරයාට භාරදී තිබූ අතර මෙම පැමිණිල්ල බාර දෙමින් පැහැදිලි කිරීමක් ද සිදු කර තිබිණ. 

එම පැමිණිල්ල බාර ගන්නා අවස්ථාවේදී කොළඹ මහ නගර සභාවේ ඉහළ නිලධාරීන් කැඳවා එය පැහැදිලි කර ගැනීමක්ද ආණ්ඩුකාරවරයා විසින් කර තිබුණි.  

චෝදනා 11 ක් යටතේ චෝදනා !

එම පැමිණිල්ල මගින් චෝදනා 11 ක් යටතේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබූ අතර නගරාධිපති නිල නිවසේ විදුලිය හා ජලය සඳහා වැය කිරීම්,  නිල නිවසේ පවිත්‍රතා කටයුතු සඳහා සේවකයින් යෙදවීම් හා වැය කිරීම්,  නිලනිවස අලූත්වැඩියා සඳහා වැයකිරීම් , පෞද්ගලික ගොඩනැගිල්ලක් සඳහා හා ආයතන සඳහා අපජල හා වැසි ජල බැසයාමේ සම්බන්ධතා ලබා දීම, නගර සභා රැස්වීම් ශාලාවේ සන්නිවේදන පද්ධතිය වෙනස් කිරීම, රියදුරන් හා කාර්යාල කාර්ය සහායකයින් නීතියට පිටින් යෙදවීම, සංග්‍රහ වියදම්, නිල රථයට අමතරව ආරක්ෂක රථයක් භාවිතා කිරීම,  අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදීමේ අක්‍රමිකතා, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කොන්ත්‍රාත් ලබාදීම ආදිය එම චෝදනා අතර වෙයි. 

එම චෝදනා සනාථ කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ මහ නගර සභාවෙන් ම මේ සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු සාක්ෂි ලෙස ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබේ.


(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පත) 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්