ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සංවිධානය කිරීම හා එය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුවේ තනතුරු

ලබාගෙන ඇති හා ආණ්ඩුව සමග කටයුතු නොකරන මන්ත්‍රීවරුන් සාකච්ඡාවකට කැඳවා තිබේ. 

ඒ අනුව එහි මහලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, සාරති දුෂ්‍යමන්ත, අංගජන් රාමනාදන්ට ඊයේ (24 වනදා) සාකච්ජාවක් සඳහා ආරාධනා කර තිබු අතර ඔවුන් සිව්දෙනා එම සාකච්ජාවට සහභාගී වී තිබිණ. 

එම සාකච්ඡාව සඳහා හේතුවී තිබුණේ එම සංවත්සරය පැවැත්වීමේ ස්ථානය සංවිධාන කටයුතු වෙනස් කිරීම නිසා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ආණ්ඩුවට එක් නොවූ පක්ෂ ප්‍රබලයින් පිරිසක් මෙම සංවත්සරය වර්ජනය කරන බවට වාර්තා වීම ය. 

කිසිඳු දැනුම් දීමකින් තොරව, ආණ්ඩුවේ උවමනා එපාකම් මත පක්ෂයේ සංවත්සර රැස්වීම කොළඹ සංවිධානය කිරීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිව්දෙනා, සභාපති මෛත්‍රීපාල වෙත දැඩි ලෙස චෝදනා කර ඇති බව වාර්තාවේ. 

ශ්‍රීලනිප සංවත්සරය පක්ෂ මහ ලේකම් ගේ සංවිධානත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට මුලදී තීරණය කර තිබූ අතර ඉන්පසු පක්ෂයට යළි එක් කරගත් ආණ්ඩුවේ ඇමැති ධුර දරන පිරිසේ වුවමනාවන් අනුව ඇමති මහින්ද අමරවීරගේ සංවිධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මෙනෑෂ් ඉම්පීරියල් හෝටලයේ දෙසැම්බර් 3 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. 

කුරුණෑගලින් මාරු වූ  ශ්‍රීලනිප සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර මොනෑෂ් ඉම්පීරියල් හෝටලයේ පවත්වන්නෙ බඩඉරිඟු වගාව විනාශ කළ සේනා දළඹුවාගෙන් ගසාකෑ මුදල් වලින් බව පාර්ලිමේන්තුව අමතමින් රෝහිණී කුමාරි විජේරත්න පවසා තිබුණි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්