'ආසියාවේ ආශ්චර්ය', 'සෞභාග්‍යමත් දේශයක්' සහ 'ඉන්න හිතෙන රටක්' ආදී විවිධ නාමික ආමන්ත්‍රණයන් ඔස්සේ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව ගොඩනැගීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දුන් පොරොන්දු වචනවලට

පමණක් සීමා වූ පසුබිමක, බොහෝ ලාංකිකයින් පිරිසක් මේවන විට රට හැර යමින් සිටින බව නොරහසකි.

උගත් බුද්ධිමත් පිරිස රට හැරයාම හමුවේ මෙරට ඇතිවිය හැකි සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම කඩිනම් අවධානයට ලක් විය යුතු කරුණකි.

මෙම කාරණය සම්බන්ධයෙන් 'සිළුමිණ' පුවත්පතට අදහස් දක්වා ඇති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ, උගතුන් රටේ රඳවා ගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති අතර ආණ්ඩුවෙන් බුද්ධිමතුන්ට දක්වන ප්‍රතිචාරය නිසා උගතුන්ට තවත් කළකිරීමක් ඇති වන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල වැසී ගියත් රජයට ප්‍රශ්නයක් නොමැති වුවද දැයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මේ නිසා අහිමි වන බවද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

 වැඩිදුරටත් අදහස් දක්වන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද ප්‍රකාශ කර තිබේ.

“හරියටම අඩක් විතර සරසවි ඇදුරන් ගේ හිඟයක් තියෙනවා. අධ්‍යාපන කටයුතු සහ වෙනත් හේතු නිසා ආචාර්යවරු පිටරටවලට යනවා . වැටුප මූලික කරගත් ආර්ථීක ප්‍රශ්නයක්ම නොවෙයි මෙය. මේ අය විදෙස් ගත වීමට හේතුව රට ගැන බලාපොරොත්තුවක් අනාගතය ගැන නිශ්චිත බවක් නැතිවීමයි. රට යන තත්ත්වය ගැන අද කිසිවෙකුට කියන්න බැහැ. සෑම ක්ෂේත්‍රයකටම බලපාන අර්බුදයක් රට තුළ මතු වෙමින් පවතිනවා.“


සරසවි ආචාර්යවරු කඩිනමින් බඳවා ගැනීමට පියවර


මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විධිමත්ව පවත්වා ගෙන යෑමට ආචාර්ය හිඟය පියවීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි.

මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසුවේ රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු 12,992 ක් සිටිය යුතු වුවත්, දැනට සිටින්නේ ආචාර්යවරුන් 6,548 දෙනකු පමණක් බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ 2023 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වාවූ කාලය තුළ හා 2022 වසර තුළ විශ්‍රාම ගිය, මියගිය හා රට හැර ගිය ආචාර්ය පිරිස් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට යොමුකළ අදාළ කැබිනට් පත්‍රිකා දෙකට අවසර ලැබී ඇති බවයි.

ඒ අනුව 2023 වසරේ මාස 6 ක කාලය සඳහා නව පත්වීම් 300 ක්ද, 2022 වසර සඳහා නව පත්වීම් 400-450 ක් අතර ප්‍රමාණයක්ද සිදු කිරීමට අදාළ කැබිනට් ප්‍රතිකා හරහා අවසර ලැබී ඇති බවය.

ඊට අමතරව අධ්‍යාපන ඇමැති නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත්ගේ මැදිහත් වීමෙන් ඉල්ලුම පවතින පුරප්පාඩුවලින් 15% ක් බඳවා ගැනීමටද විශේෂ අවසරයක්ද මේ වන විට ඉල්ලා ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්