ශ්‍රී ලංකා මහ බැංකුවට ලද පැමිණිලි මත සිදුකරන ලද විමර්ශන අනුව පිරමීඩාකාර ගනුදෙනුවල යෙදෙන

ආයතන නමයක් තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

තහනම් කරන ලද එම ආයතන වන්නේ ටියන්ස් ලංකා, හෙල්ත්කෙයා පුද්ගලික සමාගම, බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් පුද්ගලික සමාගම, මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, වීඑම්එල් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, ෆාස්ට් 3සයිකල් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, ස්පෝර්ට් චෙීන් ඇප්/ ස්පෝර්ටිස් චෙීන් ඉසෙඩ් එස් සොසයිටි ශ්‍රී ලංකා, ඔන් මැක්ස් ඩීටී, එම්ටීඊඑෆ් ඇප්/එස් එල් ගෘප්, එස්ටීඊඑෆ්/ සක්සස් ලංකා පුද්ගලික සමාගම/ එම්ටීඊඑෆ් ඩීඑස්සීසී ගෘප් පුද්ගලික සමාගම යන ඒවාය.

සෘජුව හෝ වක්‍රව මෙවන් පිරමීඩ ආකාරයේ ආයතන ආරම්භ කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරණය හෝ කළමනාකරණය කරන ඕනෑම පුද්ගලයෙක් බැංකු පනත යටතේ වරදකරුවකු වන බවත් එවැනි වරදක් සඳහා වසර තුනකට වඩා නොවැඩි සිර දඬූවමකින් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයකින් හෝ දෙයාකාරයෙන් ම දඬුවම් කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද මහබැංකුව නිවේදනය කරයි.

(අනිද්දා - anidda.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්