ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කළ ඖෂධ හා ශල්‍ය උපකරණ අඩංගු කන්ටේනර් හතළිස් එකක් අනාරක්ෂිත තත්ත්වයෙන් කැලණිය ප්‍රදේශයේ ගබඩා කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ, වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම මීට හේතුව බවයි.



මෙම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කළ ඖෂධ වෙයි. ගබඩා පහසුකම් නොමැතිවීම නිසා අනාරක්ෂිතව ගබඩා කර තිබීම සම්බන්ධයෙන් 'අරුණ' පුවත්පත කල විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක පවසා ඇත්තේ, එම ඖෂධ ආරක්ෂිතව ගබඩා කර ඇති බවයි.

‘‘අනාරක්ෂිතව ඖෂධ ගබඩා කරන්නේ නැහැ. නමුත් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන ඖෂධ ගබඩා කිරීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැහැ. කැලණිය ප්‍රදේශයේ ප්‍රවාහන සැපයුම්කරුවකුට වරායේ සිට ඖෂධ ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙනවා. ඔහු සතුව ඇති ආරක්ෂිත ගබඩාවල තමයි ඖෂධ ගබඩා කර තියෙන්නේ. නමුත් වෛද්‍ය සැපයුම් අංශය ස්ථිර ගබඩා පහසුකම් සෙවීම සඳහා උත්සාහයක නිරත වෙනවා.’’ සාමාන්‍යාධිකාරීවරයා එම පුවත්පතට පවසා තිබේ.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්