වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී

දැඩි හිගයක් මතු විය හැකි යැයි බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මිලදී ගැනීමට යොමුවුවහොත් මසකට රුපියල් කෝටි 20 ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසති.

රට පුරා රෝහල්වලට මසකට අක්ෂි කාච 15,000 ක් පමණ සැත්කම් සඳහා වුවද මේ වන විට එම රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් සැපයූ අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් සතු බවත් නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කිරීමට මෙයට හේතුව බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

අක්ෂි කාච වර්ග 9 ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හරින අතර කිසිදු අක්ෂි කාචයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි බවද එම අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම හිඟයට හේතු වී ඇත්තේ නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් සිදු නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කිරීමයි.

මෙම විමර්ශනය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.



සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, විවිධ ටෙන්ඩර මගඩි හේතුවෙන් සහ විවිධ ටෙන්ඩර මගඩි සිදු කිරීම සඳහා, ටෙන්ඩර අවලංගු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලාසිතාවක් වී ඇති අතර, ඒ හේතුවෙන් නිතර නිතර සාමාන්‍ය මිලදී ගැනීම් ඉවත දමමින් හදිසි මිලදී ගැනීම් සඳහා පාර කපා ගැනීමද තාක්ෂණික මාෆියාවක් බවට පත්ව තිබෙන බවයි.



ඒ අනූව, අක්ෂි කාච හදිසි මිලදී ගැනීමේ තීරණයද ඉදිරි දින කිහිපය ඇතුලත සුජාතකරණය වීම අනිවාර්ය වන අතර, ඒ හේතුවෙන් වැඩි මිලට අක්ෂි කාච මිල දී ගැනීමට සිදු වීම හේතුවෙන් හානිවන විශාල මුදල් කන්දරාව සඳහා වග කිවයුත්තෙක් පවා සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු පවසයි.

මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000/- සිට 9500/- දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමණාකරණ දෝශ හේතුවෙන් එය 'හදිසි මිලදී ගැනීමක්' ලෙස සිදු කරණු ලැබුවහොත්, එම අක්ෂි කාච වල මිල රුපියල් 20,000/- සිට රුපියල් 30,000/- අධික මිලකට ලබා ගැනීමට සිදුවේ. ඒ අනූව හදිසි මිලදී ගැනීම හේතුවෙන්, එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රු. 12000/- සිට රු. 20000/- දක්වා ප්‍රමාණයකි.

රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් කෝටි 20 ත් 30ත් අතර ප්‍රමාණයකි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්