තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

ඔහු එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය කිරීම සඳහා අසාදුගත ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමට ඉහලින් සිදුකරන බලපෑම් නිසාවෙන් බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

කෙසේවුවද, ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, ඔහු රජයේ වගකිවයුතු ප්‍රධන තනතුරු කිහිපයක් ම දරන බැවින් ඉන් එක් තනතුරක් තෝරාගන්නා ලෙස ජනාධිපති ලේකම් විසින් ඔහුට දැනුම්දී තිබු බවයි. 

මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මේවනවිට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ධුරයට අමතරව, එම අමාත්‍යංශයේ ලේකම් ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලෙසද නිල බලයෙන් කටයුතු කරයි. එසේම ඔහුව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස ද පත්කර ඇත. 

ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය නිරංන්ජන් ගුණවර්ධන පවසන්නේ, තමාව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස පත්කර ඇති බැවින් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කරන බවයි.



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්