ජනතා විරෝධය නිසා ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක සංවර්ධන කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් නැගෙනහිර පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයාට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ත්‍රිකුණාමලය ශාසනාරක්ෂක බල මණ්ලය හා ගෝකන්න පුර සුරැකීමේ සංවිධානය එක්ව අගෝස්තු 28 වැනි සඳුදා පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය දියත් කළ බවයි.

"සෙන්දිල් තොණ්ඩමාන් ක්‍රියාත්මක කරන සිංහල, බෞද්ධ මර්දනය තරයේ හෙළා දකිමු, ත්‍රිකුණාමලය බෞද්ධ ගැටළුවලට පාර්ලිමේන්තු සංවාද නැත්තේ ඇයි?" ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් භික්ෂුන් වහන්සේලා එම විරෝධතාව දියත් කළේ  ත්‍රිකුණාමලය පිහිටි බොරළුකන්ද රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නැවැත්වීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ලබා දී තිබු නියෝගයකට විරෝධය පළ කරමිනි.

විරෝධතාව හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමටද බාධා එල්ල වු බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

100104103
පෙරියකුලම්, ඉලුප්පකුලම්, ත්‍රිකුණාමලය පිහිටි බොරළුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ලිපියක් යොමු කරමින් ජුලි 9 වැනිදා ප්‍රාදේශිය ලේකම් පී. ධනේෂ්වරන් දැනුම් දී තිබුනේ විහාරස්ථාන භුමියෙහි සංවර්ධන කටයුතු, අවට ජනතාවගේ දැඩි විරෝධතාවය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාවරයාගේ දුරකථන ඇමතුමෙන් ලද වාචික උපදෙස් පරිදි එළිපෙහෙළි කිරීම්, ඉදි කිරිම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටින බවයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා "නීති විරෝධිව දුන් නියෝගය" රජය පිළි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පැනයකට පිළිතුරු දෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අගොස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබුනි.

විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නැවැත්වීම සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගියදා සදහන් කර තිබුනේ පන්සල් වලට හා බෞද්ධ භික්ෂුන්ට අත තබන අයගේ හිස තමන් කැලණියට රැගෙන එන බවයි.

හිටපු අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධියේ කරන ලද මරණිය තර්ජනය දෙමළ ජනතා නියෝජිතයන්ගේ දැඩි හෙළා දැකීමට ලක්විය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්