ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නාමල් රාජපක්ෂ හා තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරුන්

මේදිනවල හැසිරෙන්නේ විපක්ෂයේ සිටිනා ආකාරයෙන් යයි සජබ මාධ්‍ය ප්‍රකාශයක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු අද එබව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.  එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''මම දැක්කා පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවක නාමල් රාජපක්ෂයි - කුට්ටිආරච්චියි කියනවා එගොලාන්ට ඡන්දයක් ඕන කියලා..එ ගොල්ලො කතා කරන්නේ නිකන් විපක්ෂයේ වගේ.. ඡන්දයක් ඕනනම් ඡන්ද 134 පත්කරගත් ජනාධිපතිට කියන්න පුලුවන් .. නැත්නම් මුදල් අමත්‍යංශයට කියන්න මුදල් අනුමත කරන්න කියලා ඡන්දෙට..නිකන් බොරුවට වේදිකා උඩ නටන්නේ නැතුව..පුස් වීරයෝ වෙන්න හදනවා..

නාමල් හිතන් ඉන්නේ ඔය වගේ කතා කිවුවාම මිනිස්සු එයාලා ගැන අයෙත් පැහැදිලා එයාලව සතුටු කරයි කියලා..ඡන්දේ තියෙන එක වලක්වන්නේ එයාලගේ ජනාධිපතිමයි...වේදිකා උඩ රඟපන්නේ නැතුව ජනපතිව හම්බෙන්න ගිහින් ඡන්දයක් දෙන්න කියන්න...

ජනතාව සමග කතාකරනකොට තේරෙනවා විදුලි මිල, බඩු මිල, ජල බිල ඉහලයි... නිසි ලෙස ආහාර ලබා ගන්න බෑ ..ළමයිට උගන්න ගන්න බෑ ..බිල් වලින් , බදු වලින් මිනිස්සුන්ව හම ගහලා තියන්නේ..

මහ බැංකුවෙ අධිපතිගෙන් ඉල්ලා සිටිනවා...විශ්‍රාම පොලි අනුපාත පිලිබඳ සහනශිලි වෙන්න කියලා ...

ජනාධිපති නියෝගයක් දලා ...අණ්ඩු පක්ෂේ අයට රට යන්න බෑ කියලා..ඔය සෞඛ්‍ය ඇමතිට එරෙහිව එන විශ්වාසභංගයට බයේ..

බෙහෙත් මාෆියාකරයන්ට අහුවෙලා මිනි මරණ ඇමතියෙක් ගෙන් වැඩක් තියනවාද ?...

අනික බෙහෙත් අසාදන වුනාම එම බෙහෙත නැවත භාවිතයට ගන්නවද කියල තිරණය කරන්නේ වෛද්‍යවරු නෙමෙයි, ඇමති. ..

අපි ඡන්දය දින්නත් පැරදුනත් අප මේ මගොඩි හෙළි කරනවා..''

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්