තමාට එරෙහිව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අධිකරණයේ නඩුවක් පවරන තෙක් තමා නොඉවසිල්ලෙන්

බලාගෙන ඉන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද සඳහන් කළේය.

'' අද මම මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂ කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමති. ඒක තමයි පසුගිය 18 වැනිදා මැද කොළඹ අපි පක්ෂයේ අති සාර්ථක සම්මේලනයක් පැවැත්වූවා. ඒ සම්මේලනයේදී මා විසින් පවත්වපු කතාවේ කොටසක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් මා හට එන්තරවාසියක් යොමු කරලා තියෙනවා. රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින්.

ඉතින් මම ප්‍රධාන වශයෙන් කියන්නේ මේ කාරණයට මා ඉතාම කැමතියි. අනුර කුමාර දිසානායක මහත්මයා අරගෙන තියෙන පියවර සම්බන්ධයෙන්. මොකද අනුර කුමාර දිසානායක මහත්තයා රටේ හිටපු ඇමති කෙනෙක්, ඒ වගේම මේ රටේ වැදගත් නිලතල දරලා මේ රටට කිසි දෙයක් කරන්න අසමත් වෙච්ච පුද්ගලයෙක් හැටියට අපිට තියෙනවා ඔහුගෙන් ප්‍රශ්න ගොඩක් විමසන්න.

මොකද සාමාන්‍ය තත්වයන් යටතේ අපට ඔහුගෙන් ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු මට විරුද්ධව අධිකරණයකට ආවොත් අපිට අධිකරණයේදී අවස්ථාව ලැබෙනවා ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ඒ කරුණු සම්බන්ධයෙන් ඔහු ගෙන් විමසන්න.



ඒක හින්දා අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් මං ඉල්ලා සිටිනවා කරුණාකරලා අධිකරණයට යන්න. මට විරුද්ධව මේ නඩුව පවරන්න. ඔබතුමා එහි ඇවිල්ලා සාක්ෂි දෙන්න. එතකොට අපිට පුළුවන්.මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න.

 

  1. එතුමා මේ රටේ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු කාලේ මේ රටේ වැව් දෙදහසක් හදනවා කියලා භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන හදපු වැව් ටික මොනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.

  2. ඒ වගේම අපි තමයි මේ රට යුද්ධයෙන් බේරගත්ත, මේ රට සංවර්ධනය කරපු නායකයා වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබතුමා හොරා හොරා හොරා කියනවා. ඒ හොරකම් කළේ කොතැනදී ද මොන සල්ලි ද කියලා කියන්න ඔබතුමාගෙන් අහන්න අපි කැමති.

  3. ඒ වගේම මේ රටට මහා විශාල සංවර්ධනයක් ගෙනාපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඔබතුමා හොරා කියලා කියනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා හොරකම් කලේ කොතනින්ද, කොයි මුදල් ද,කාගේ සල්ලිද කියලා දැනගන්න අපි කැමැතියි.

    මොකද ඔබතුමාට මේ රටේ ජනතාවට හිස් ෆයිල් තොගයක් ගෙනල්ලා මේසයක් උඩ තියාගෙන මේ රටේ ජනතාව ඇන්දුවාට අධිකරණයකට එහෙම බොරු කරන්න ඔබතුමාට බැහැ. ඒක නිසා අපි කැමතියි ඔබතුමා මේ නඩුව පවරලා ඒ කාරණා සම්බන්ධව සාක්ෂි දෙන්න එනවා නම් මොකද ඒ ප්‍රශ්නයත් ඔබතුමාගෙන් අහන්න තියෙනවා.

  4. ඒ වගේම අපිට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි නාමල් රාජපක්ෂ මැතිතුමා ලැම්බෝගිනි රේසින් කාර් 18ක්ද 19ක්ද ලංකාවට ගෙනාවා කිව්වා ඒ වාහන ගෙනාපු බවට මොනවද ඔබතුමාට තියෙන සාක්ෂි. ඒ වාහන කොහෙද තියෙන්නේ කියලත් ඔබතුමාගෙන් දැනගන්න අපි කැමැතියි.

  5. ඒ වගේම හම්බන්තොට වරාය හදද්දි ඒකෙ කලු ගලක් තියෙනවා, ඒකට නැව් වෙන්නේ නෑ, ස්විමිං පූල් එකකට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ රටේ ජනතාවට ඔබතුමා බොරුවක් කිවුවා. ඒ බොරුව කියන්න පදනම් වෙච්ච සාක්ෂි සාධක මොනවාද කියලා මේ රටේ ජනතාවට දැනගන්න ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න අපි කැමතියි අධිකරණයකට එනවනම්.

  6. ඒ වගේම මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා බාන්න බැහැ අලි සහ මොණරු ඉන්න ගුවන් තොටුපළක් කවදාවත් ගුවන් යානයක් ගොඩ බාන්න බැ කියල ඔබතුමා මේ රටේ ජනතාවට කිව්වා. ඒ කිව්වේ කුමන විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙනද, කියන කාරණය ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගෙන් අහන්න අපිට අවශ්‍යයි ඒ නිසා කරුණාකරලා උසාවියේ නඩුදාන්න කියන ඉල්ලීම කරනවා.

  7. ඒ වගේම තමයි පෝට් සිටි එක හදන වෙලාවේ පෝට් සිටි එක කියන්නේ මේ රට විනාස කරන තැනක්, මේකට අවශ්‍ය කරන කළුගල් සපයා ගැනීමට සීගිරි ගල කඩල දැම්මත් මේ පොර්ට් සිටිය ගොඩ කරන්න බෑ කියලා මේ රටේ ජනතාවට ඔබතුමා බොරුවක් කිවුවා. සීගිරි ගල තියා බස්නාහිර පළාතේ කළු ගල්වලට වත් ප්‍රශ්නයක් නොවේ පෝට් සිටිය එක අද හදලා තියෙනවා එතකොට මේ රටේ ජනතාවට මේ වගේ බොරුවක් කිව්වේ කුමන පදනමක් යටතේ ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා උසාවියට එනවනම්.

  8. ඒ වගේම තමයි මේ හයිවේ හැදුවේ කොමිස් ගහන්න. රාජපක්ෂලාට ඇඹුල් තියල් ගෙනියන්න කියලා ඔබතුමා මේ රටේ ජනතාවට කිව්වා අපි කැමතියි ඔබතුමා අධිකරණයකට ඇවිල්ලා සාක්ෂි දෙනවා නම් ඔබතුමා ගෙන් අහලා දැනගන්න කොහෙන්ද කොමිස් මුදල් ගත්තේ, කාගෙන්ද ඒ කොමිස් මුදල් ගත්තේ, කොයි හයිවේ එකද ඇඹුල් තියාල් ගේන්න හැදුවේ කියන එක විස්තර සහ සාක්ෂි සාධක ඇතුව.

    ඔබතුමා මේ කාරණා කිව්වේ යම්කිසි පදනමක් උඩ වැදගත්කමක් ඇතුව වගකීමක් ඇතුවද එහෙමත් නැත්නම් මේ රටේ ජනතාව නොමඟ යවන්න බොරු ප්‍රකාශයක් ද කියලා ඔබතුමාගෙන් උසාවියේ දී දැනගන්න අපි බලාගෙන ඉන්නවා.

  9. ඒ වගේම තමයි පසුගිය කාලේ රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි යැව්වා කිව්වා. ඒ වගේම මේ රටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයන්ට කිව්වා ශ්‍රී ලංකාවට සල්ලි එවන්න එපා කියලා. මේ රටේ ආර්ථිකය කඩා කඩාවැටීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම හැදුවේ ඔබතුමා මේ රටට මුදල් එවන්න එපා කියලා විදේශගත ශ්‍රමිකයන්ට රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි යවනව කියලා බොරු කියලා. උගන්ඩාවට යැව්වෙ මොන සල්ලි ද, කාගේ සල්ලිද , කොහෙදිද යැව්වේ. කවදාද යැව්වේ. කොහොමද යැව්වෙ කියලා සාක්ෂි සාධක ඇතුව ඔබතුමාට කියන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒකත් මේ රටේ ජනතාවට කියපු බොරුවක් ද කියන එක ඔබතුමාගෙන් දැනගන්න අපි කැමතියි.


ඒක නිසා අනුර කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමා අධිකරණයේ නඩුවක් පවරන තෙක් මම බලාගෙන ඉන්නවා. මොකද ඔබතුමාගෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් අහන්න අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒක නිසා කරුණාකරලා මේ නඩුව පවරන්න කියන ඉල්ලීම මම ඔබතුමාගෙන් කරනවා.''

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්