රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බව විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස අද (30) පැවසීය.

සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත් ඔහු සඳහන් කළේය.

බොරුව වංචාව හොර ගණුදෙනු ඇතුලත් ආණ්ඩුවේ දේශපාලන සූදුව නතර නොවී  බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (30) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ය.



''ආණ්ඩුවට අස්වැසුම හරියට වුනත් එකයි නැතත් එකයි. ඔවුන් ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙනවා ''

වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වූ ආණ්ඩුවක් බවත් ඔවුන්ට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බවත් අස්වැසුම වැඩසටහනට වුවත් හරි වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් මේ හැමදෙයක්ම දේශපාලන සූදුවක් නිසා එය නතර විය යුතු බවත් මේ බොරුව වංචාව හොර ගණුදෙනු ආදිය වහා නතර විය යුතු බවත් එසේ නොමැතිව බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.



කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හදුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හදුනා ගැනීම වුවත් අස්වැසුම වැඩසටහන පටන් ගත්තේ එවැනි විධිමත් සමික්ෂණයකින් නොවන බවත් එම වැඩසටහන කරගෙන යන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පටන් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රා ශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බෙහෙත් නොමැති වීම රෝහල්වල බෙහෙත් නිසා ජනතාව මිය යාම වෛද්‍යවරු රට හැර යාම සෞඛ්‍ය ඇමතිවරයා විසින් අමානුෂීය කතා කීම වැනි බරපතල ගැටලු රැසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බවත් මේ තත්ත්වය අනුව පෙනී යන්නේ මේ ආණ්ඩුවට කිසිම ලැජ්ඡාවක් නොමැතිකම බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන පවා ආරම්භයේ සිටම වැරදි බව යි.

එමෙන්ම මේ වන විට රටේ ඇති සමාජ ආරක්ෂණ වැඩසටහන් සියල්ල අවුල් වී ඇති බවත් ජන සවිය ක්‍රියාත්මක වන අවධියේ පවා එය හරියට සිදු කළ නමුත් මේ වන විට සිදුවන්නේ රටේ මුදල් නාස්ති කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බවත් රටත් අච්චාරුවක් කරන මේ විකෘති රජය අස්වැන්න වැඩසටහන පවා අච්චාරුවක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



තවද රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් ඔවුන් හදන රටක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන අස්වැසිල්ලක් විය යුතු වුවත් එහි ඇත්තතෙන්ම සිදුවන්නේ ඇස්බැන්දුවක් බවත් මේ ඇස් බැන්දුම් වැඩ ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලය බවත් ය.


එමෙන් ම සුනාමිය, කොවිඩ්, පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේ ග්‍රාමනිලධාරීන් බිම් මට්ටමේ විශිෂ්ඨ සේවයක් ඉටු කළ බවත් එය අවිවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී  පැවසීය. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්