''මේ අපේ රට නිසා, අපට සිහිනයක් ඇත'' සාමුහිකයේ ප්‍රථම සම්මන්ත්‍රණය අද (31) සවස 3ට කොළඹ 07, ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 

හිටපු කතානායක කරු ජයසූරිය, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු හා පිලිප් දිසානායක මෙහි දී මූලික අදහස් දැක්වීමට  නියමිතයි.

මෙම සම්මන්ත්‍රණය ගැන එහි සංවිධායකයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති ආරාධනයක මෙසේ සඳහන් වේ. 

'' මීට දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිදු කළ යුතුව තිබූ අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකර දිනෙන් දිනකල් දැමීම හෝ ඒවා මගහැර සිටීම නිසා අප මෙතෙක් කිසිදා මුහුණ නොදුන් ආකාරයේ දරුණු අර්ඹුදයකට අද අප මුහුණ දී සිටී.

මේ අර්ඹුදයෙන් රට හැකි ඉක්මනින් මුදවාගෙන මේ රට ලෝකයේ ලස්සනම රටක් බවට පත් කිරීම අප සියළු දෙනාගේ සිහිනයයි. නීතියේ ආධිපත්‍යය හා සමාජ සාධාරණත්වය ප්‍රමුඛ කරගත් ජාතික සමගිය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් හා දූෂණ වංචාවලින් තොරව විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් හා රාජ්‍ය නියාමනයට යටත් වූ, තරගකාරී නිදහස් වෙළදපොළ ආර්ථික ක්‍රමයක් මේ රටතුළ ස්ථාපිත කර ගැනීම අපේ සිහිනයයි.

මේ සිහින යථාර්තයක් කරගත හැක්කේ කෙසේද යන්න ගැන කතා කරන්න අද (31) සවස 3ට කොළඹ 07, ලක්මන් කදිරගාමර් මධ්‍යස්ථානයට එන්න. '' 

WhatsApp Image 2023 08 30 at 5.57.18 AM


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්