පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින්, තෝරාගත් පාසල් 100ක

 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (31) ආරම්භ විය.

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේද පූරණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළම දක්ෂතා දක්වන සමාජය අයත් පාසලට ත්‍යාග පිරිනමන බවත්, එම සමාජයේ සිසුන් දස දෙනෙකුට සහ ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ සහතික විය.

පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරාගත් පාසල්වලට අමතරව මෙම වසර තුලදීම දිවයින පුරා තවත් පාසල් 200-300ක් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.  

{gallery}Capital Market Clubs will be established in 100 selected schools.{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්