පසුගිය වසරේ සහ මෙම වසරේ ක්‍රියාත්මක වූ රුපියල් ට්‍රිලියන 3.62 ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 120 ක

ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් වැඩි ප්‍රමාණය රජය විසින් ප්‍රසිද්ධ කර නොමැති බව 'වෙරිටේ රිසර්ච්' ආයතනය පවසයි.

විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් එය අනුගමනය නොකිරීමෙන් රජය තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ට පිටුපා තිබෙන බව 'වෙරිටේ රිසර්ච්' ආයතනය පෙන්වා දී ඇත.

මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ පර්යේෂණයේදී පසුගිය වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60 ක් සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර එහිදී එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් සියයට 82 ක්ම ප්‍රසිද්ධ කර නොමැති බව හෙළි වී ඇත.

Verite Reasurch 3

එසේම පර්යේෂණය මගින් මෙම වසරේ ව්‍යාපෘති 60 ක් ආවරණය කර ඇති අතර එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් සියයට 75 ක්ම රජය ප්‍රසිද්ධ කර නොමැති බව හෙළි වී තිබේ.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අමාත්‍යංශ සහ අදාළ ආයතන වෙබ් අඩවිවල, ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කර තිබීම සහ නොතිබීම පදනම් කර ගනිමින් මෙම අගයන් වෙරිටේ රිසර්ච් ආයතනය ලබා දී ඇත.

තොරතුරු ප්‍රසිද්ධ කරන විට සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇතත් 2022 වසරේ ආවරණය කරන ලද ව්‍යාපෘති 60, ප්‍රසිද්ධ කර තිබෙන තොරතුරුවලින් සියයට 18 ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත් සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 5ක් පමණක් බවත් දෙමළ භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ සියයට 4 ක් පමණක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව නොදන්නා සියයට 69 කට එමගින් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසා ඇත.

Verite Reasurch 2

Verite Reasurch 1

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්