එක්සත් ජාතික පක්ෂයේ හා එහි නායක ජනාධිපති වික්‍රමසිංහ ගේ දේශපාලන මතය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනයාම සඳහා පක්ෂයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ විශේෂ අධ්‍යාපනික වැඩමුළුවක් 'සිරිකොත'

එජාප මුලස්ථානයේදී ඊයේ (31) පැවැත්විණ. 

එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන සහ පරියේෂණ අංශය විසින් එම වැඩමුළුව සංවිධානය කර තිබිණ. 

එජාපයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් මෙම වැඩමුළුවට කැඳවා තිබු අතර ඉදිරියේදී මෙවැනි වැඩමුළු ගණනාවක් දීප ව්‍යාප්තව සංවිධානය කිරීමට තීරණය කර ඇතැයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් පැවසිය. 

'' මෙම වැඩමුළුවේ මූලික අරමුණ වුනේ බිමේ සිටින සාමාන්‍ය ජනතාවට පක්ෂයේ දේශපාලන පණිවිඩය ගෙනයන්නෙ කොහොමද..සාමාන්‍යය මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද... ඔවුන්ව තේරුම් ගන්නෙ කොහොමද.. ඔවුන් සමග ඡන්ද සහ මැතිවරණ සේම ඉන් එහාට ගිය ජනතාව සමග ඇත්‍ත මිනිස් සබදතා හදාගන්නෙ කොහොමද කියන අධ්‍යාපනික ක්‍රියාවලිය හඳුන්වාදීම.'' ක්‍රිෂාන් තියඩෝර් වැඩිදුරටත් පැවසිය. 

වැඩමුළුවට සහභාගිව සිටි පක්ෂයේ ක්‍රියාකාරීන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් සෙනරත් විසින් පිළිගැනීමෙන් අනතුරුව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලන සංස්කෘතිය, වෙනස් කිරීමට ගනු ලබන උත්සහය පැහැදිලි කළේය. .

මෙහි වැඩමුළුවේ සම්පත් දායකයෙකු ලෙස සහභාගිවූ කථිකාචාර්ය ඩිලන්ත විතානගේ, මෙවැනි පුහුණු වැඩමුළුවක කාලින වැදගත්කම පෙන්වාදුන්නේය. 

අනතුරුව 'ප්‍රබුද්ධ ලංකා' සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය චමින්ද මලලසේකර විසින් ජනතාව ආමන්ත්‍රණය කිරීමට කථිකත්වය නිර්මාණය කරගැනීම සහ කථිකත්වය වැඩිදියුණු කරගැණීම සම්බන්ධව අධ්‍යාපනික පුහුණුවක් සහ දේශනයක් පැවැත්විය. 

මෙකී දේශපාලන ක්‍රියාවලියෙදී මතුවිය හැකි ගැටළු සම්බන්ධව පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සහ අධ්‍යාපනික වැඩමුළුවට සහභාගී වූ අචල සුරංග ජාගොඩ අධ්‍යාපන වැඩමුළුවට පැමිණි සියළු දෙනා සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබිය. 

(සටහන - ලක්මාල් රණබාහු)

PHOTO 2023 09 01 10 24 19PHOTO 2023 09 01 10 24 18PHOTO 2023 09 01 10 24 17PHOTO 2023 09 01 10 24 17 2PHOTO 2023 09 01 10 24 16 2PHOTO 2023 09 01 10 24 16


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්