ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල

අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙයි.

පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.

ඒ අනුව තම කාර්යාංශය විසින් විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගත් බවත් එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා "මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්" නමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කළ බවත් ඒ අනුව අදාළ සමාගම විසින් කැණීම් කටයුතු ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එසේ තිබියදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත් මාර්තු මස 16 වනදා ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බව අදාළ සමාගම වෙත දැනුම්දී තිබූ බවත් පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.


001
002

0004

003



පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන තම ආයතන වෙත බවයි.

ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බවත් පෙත්සම්කාර ආයතනය පවසයි.




ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

කෙසේවුවද අභියාචනාධිකරණය තීන්දුව සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නැගෙනහිර ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.


අභියාචනාධිකරණය තීන්දුව මෙන්න

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්