පොහොට්ටු පක්ෂ කණ්ඩායමෙන් වෙන්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු කරන

නිමල් ලන්සා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා පත්කරගෙන තිබේ.

සැප්තැම්බර් 03 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට තම මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා නිල වශයෙන් සහභාගිවන බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා 'ද ලීඩර්' වෙත කියා සිටියේය.

අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කලක් කටයුතු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට වැඩි තම කණ්ඩායම ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පලකරන බවද නිමල් ලන්සා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්