තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.


කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට අද (03) එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැමුන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ සිය ජීවිතයට තර්ජනයක් ඇති නිසාදැයි සැක සහිත බවය.


''මම අනිවාර්යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා''


''මේ මැතක ඉඳලා රජයේ නියෝජිතයෝ කොට්ඨාසයක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අලුත් ප්‍රතිපත්තියක් මවා පානවා. රනිල් ජනාධිපතිකමට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නෑ කියලා. මෙහෙම කියන්නේ, මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ගෝඨාභය රාජපක්ෂ සමඟ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කරලා, මාව පරද්දන්න කටයුතු කරපු කට්ටිය. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මම ජීවතුන් අතර ඉන්න ඕනේ. සජිත් ඉල්ලන්නේ නෑ කියන්නේ ව්‍යංගාර්ථයෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ද කියලා මට හිතෙනවා." යයි ද විපක්ෂ නායකවරයා පැවසිය.

තමා කිසිදු අවස්ථාවක මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එහිදී තවදුරටත් මෙසේද පැවසීය.

"අපි සංවර්ධනය ගැන මුදල් හොයාගන්න ක්‍රමවේදය ගැන කලබල වෙන්න එපා. ඒක මගේ වගකීමක්. කවුරු මොන සමාජවාදය ගැන කතා කරත් ලංකාවේ මුදලින් පක්ෂය මොකද්ද කියන එක අද පෙරපාසල් දරුවා හිටන් දන්නවා. අපි ආයෝජනය කරන්න යන්නේ නෑ දූපත්වල, විදේශීය සමාගම්වල, ගජමිතුරන්ගේ ව්‍යාපාරවල. එහෙම ආයෝජනයක් කරන්නේ නෑ. අපි ආයෝජනය කරනවා මේ රටේ ගොවි ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න. '' 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්