ශ්‍රී ලංකාව ඉතිහාසෙටම ණය අරන් ඇත්තේ ඩොලර් බිලියන 84ක ප්‍රමාණයක් වුවද

වත්මන් ආණ්ඩුව පසුගිය මාස 6 ඇතුළත ඩොලර් බිලියන 11.8ක මුදලක් ණයට ගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසිය.

ආණ්ඩුව තවමත් පාඩම් ඉගෙනගෙන නැති බව ද ඔහු කියා සිටියේය.

සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ අද (03) පැවති මාධ්‍ය හමුවකදීය.

'' සමහර අය කියනවා තෙල් පොලිම් නැ..කරන්ට් කපන්නේ නැ රට යථාතත්වයට පක්වෙලා තියෙන්නෙ කියලා.. නමුත් චාල්ස් වෙබ් අඩවියෙන් සැප්තැම්බර් 1 නිකුත් කරලා තියනවා , ලංකාවේ ණය තත්වය මෙකක්ද කියලා ගිය අවුරුද්දෙ දෙසැම්බර් 31  වන විට ඩෝලර් මිලියන 84.7 වෙලා තිබිබ ණය ගණන මෙම වසරේ පළමු කාර්තුවේ 91.9 දක්වා වැඩ්වෙලා ..දෙවන කර්තුව වන විට ඩෝලර් මිලියන 96.5 දක්වා අඩුවෙලා තිබෙනවා..

ඒ  කියන්නේ පසුගිය මාස හයක විතරක් සංවර්ධන බදු තැන්පත් වලින් ඩෝලර් 11.8 ණය අරන් තිබෙනවා...14% ණය බරතාව වැඩි කරලා තියෙනවා..බිල් වැඩි කරලා බදු තෙල් මිල වැඩි කරලා රාජ්‍ය ආදායම ඉහල ඉහළ ගිහින්. එනම් දේශිය ණය සදහා පොළි ගෙවන ආදායම් වැඩිවෙලා තියෙනවා...දුප්පත් ජනතාව බදු බරින් මිරිකලා තෙල්, ලයිට්, ජල බිල් වැඩිකරලා, බදු ගහලා..

අනිත් පැත්තෙන් ඩෝලර් මිලියන 11.8 ණය අරන් තියෙනවා..රට යථාතත්වයට පත් කරලා තියෙන්නේ කියන්නේ QR කොඩ් එක අයින් කරලා..308 තිබ්බ පෙට්රල් මිළ 318 කරලා 328, 361 කරලා . 12,000 පමණ බිල්වලට විතරක් අසරණ මිනිස්සුන්ට වෙන්කරන්න වෙලා..මිනිසුන් ජිවත් වෙන්නෙ කොමද මෙහෙම.

අස්වැසුම ලබා දෙනවනමි විශ්‍රාම වැටුප් පොළි නිසි ලෙස වෙන්කර යුතුයි.. ණය ගෙවන්න අවස්ථා කිසිවක් විවෘත නැ.. තොරතුරු තාක්ෂන, වෙළදපොළ අවස්ථා කිසිවක් නැ.. මෙම අත්තනෝමතික ණය ගැනිම රට තව දුරටත් පපාතයට ඇඳ දැම්මක්..

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්