ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර යයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය.

මුලින්ම කියුබාවේ හවානා නුවරට යන ජනාධිපති වික්‍රමසිංහ,  ජී 77 සමුළුවට සහභාගී වෙයි.

ජී 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයකි. ශ්‍රී ලංකාව ද ජී 77 කණ්ඩායමේ සාමාජිකයෙකි.

මෙම සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යන ජනාධිපති වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙයි.

සැප්තැම්බර් 19 වෙනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය පැවැත්වෙන අතර ජනාධිපතිවරයා 21 වැනිදා එම සැසිවාරය ඇමතීමට නියමිතය.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්