කිසිදු මැතිවරණයක් රජය විසින් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍

ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරණය හෝ කිසිදු මැතිවරණයක් කල් නොදමන බවත් සෑම මැතිවරණයක්ම නියමිත දිනට නීත්‍යානුකූල ආකාරයට පැවැත්වීම සිදුකරන බවද ඒ පිළිබඳ සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


ජනාධිපතිවරණය කල් දැමිය නොහැකියි - ජී. එල් .පීරිස්

මේ අතර ඊයේ (04) නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස දැක්වූ ව්‍යවස්ථා විශාරදයකු වන මහාචාර්ය ජී. එල් .පීරිස් මන්ත්‍රීවරයා පැවසුයේ, ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු සාධක යොදා ගනිමින් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දැමුවත්, ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවයි.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනමත විචාරණයකින් කළ නොහැකි බවත් ඔහු පැවසිය.

අනිවාර්යෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණය රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදු වන බවත්, ලබන වසරේ නොවැම්බර් මාසේ අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දීම සිදුවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.  

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්