සැප්තැම්බර මස 5 වන දා 'චැනල් ෆෝ' නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.


කෙසේ නමුත් වාර්තා වැඩසටහන විකාශනය වී පැය කිහිපයක සිට සමාජ ජාලා සටහන් පළ වෙමින් තිබෙන්නේ එම වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට 'චැනල් ෆෝ' නාලිකාව කටයුතු කර ඇති බවක්. 

මේ , ඒ සම්බන්ධයෙන් factcrescendo.com විසින් තබන විමර්ශනයක්.

සමාජ ජාලා සටහන් 

චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළ කරන ලද වාර්තා වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට කටයුතු කටයුතු කර ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්.

image 15.png
මෙවැනි සටහන් සදහා සමාජ ජාලා වලන් පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහතින්.

image 14.png
මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම) : 

අප මුලින්ම විමසා බැලුවේ මේ ආකාරයට 'චැනල් ෆෝ' නාලිකාව විසින් වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගත් බවට එම නාලිකාව මගින් හෝ වෙනත් දේශීය සහ අන්තර්ජාතික පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පළකර ඇතිද යන කරුණුයි. 

නමුත් එහිදී අපට දක්නට ලැබුණේ එවන් පුවතක් පළව නොමැති බවයි.

ඉන් අනතුරුව අප 'චැනල් ෆෝ' නාලිකාවේ නිල වෙබ් අඩවියට ගොස් විමසා බැලු විට දැකගන්නට ලැබුණේ වීඩියෝව ඉවත් කරගෙන නොමැති බවයි. අප මෙම සටහන තබන මොහොත වන විටත් අදාළ වීඩියෝව 'චැනල් ෆෝ' වෙබ් අඩවියේ දක්නට ලැබුණා.

අදාළ වෙබ් පිටුවට පිවිසිය හැකියි මෙතනින් .  Archived

කෙසේ නමුත් චැනල් 4 වෙබ් අඩවියේ පළවන වීඩියෝ ,වෙබ් අඩවිය තුලින් නැරබිය හැක්කේ බ්‍රිතාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට පමණයි. කෙසේ වෙතත් VPN භාවිතාකර වෙනත් භූ ගෝලීය කලාපවල අයටද එම වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝව නැරබිය හැකියි.

නමුත් එම වීඩියෝව යූ ටියුබ්වල විවිධ ගිණුම්වල නැවත පළ කර තිබුණා. යු ටියුබය හරහා වීඩියෝව නැරබිය හැකි එක සබැදියක් මෙතනින්.

Conclusion ( අවසාන නිගමනය )

'චැනල් ෆෝ' නාලිකාව මගින් සකසා විකාශය කර අන්තර්ජාලයට එක් කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තා වැඩසටහනේ වීඩියෝව ඔවුන් විසින් අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙන ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. එය මෙම ලිපිය සටහන් තබන මොහොත වන විටත් චැනල් 4 වෙබ් අඩවියේ පවතිනවා .

(factcrescendo.com)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image