පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය

ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔහු පැවසුවේ ඉදිරියේදී සේවක අර්ථ සාධක අරමුදල් පනතට සංශෝධනයක් ගෙන එමින් මෙම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවයි. 

“අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 3400 ක් පමණ තියනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේදී කළ යෝජනාව තමයි අර්ථ සාධක අරමුදල බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලබන පොලිය 14% ක සිට 30% ක් දක්වා වැඩිකිරීම. ස්වකැමැත්තෙන් තමයි මේ බදු වැඩි කිරීම කරන්නේ කියල කිව්වට මේක බලහත්කාරයෙන් තමයි දැන් කරන්නේ.“ 

 

දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට 9% ක ප්‍රතිලාභයක් ලබාදීම නීත්‍යාණුකූලව සහතික කර නොමැති බවත් ඒ තත්ත්වය තුළ crisis bonds (අර්බුද කාලයේ මිලදීගත් බැඳුම්කර) මිලදීගත් පාර්ශවයන්ට දැවැන්ත ප්‍රතිලාභයක් ලබාදීම සාධාරණ නොවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. 

 

“දේශීය ණය ප්‍රශස්තකරණයේදී අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සැලකිය යුතු අලාභයක් සිදුවෙනවා. සමහරු කියනවා මේ නිසා අර්ථ සාධකයෙන් 50% ක් කැපෙනවා කියලා. ඒක බොරු කතාවක්. නමුත්, 4% ත් 21% ත් අතර අලාභයක් තෝරාගන්නා විකල්ප අවස්ථා අනුව ලැබෙන්න පුළුවන්.“ 

මේ නිසා, අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට අවම සහ උද්ධමනයට සාපේක්ෂව ධන මූර්ත පොලියක් ලැබෙන ලෙස නීතිය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවසීය. 
එසේම, තරුණයින් ගැන කතා කරන ආණ්ඩුව මෙහිදී වැඩිම හානිය සිදුකර තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ අවුරුදු 40 ගණන්වල සිටින සාමාජිකයින්ට බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්