සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තිබේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක් පැවැත්විණ.

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිමේ නාම ලේඛනය මෙතනින් බලන්න

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්