කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස



සේවය කරන විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා හදිසියේම විශ්‍රාම යෑමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ පසුගිය ජූලි විසි පස් වෙනි දින මහත් ආන්දෝලනයකට ලක් වූ අංගොඩ මානසික රෝහලේ රෝගියකුට එහි කාර්ය මණ්ඩලය විසින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා නිකුත් කිරීම බව පැවසේ.

මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් එම වෛද්‍යවරයාට බලපෑම් කොට ඇති බවත් අදාල රෝහලේ වෛද්‍යවරුන් විසින් ඔහුට විරුද්ධව පාලනාධිකාරියට බලපෑම් කරමින් පවතින බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම එම වෛද්‍යවරයා යටතේ සිටින කාර්ය මණ්ඩල ඉවත් කොට වෙනත් කාර්යමණ්ඩල යෙදවීමට රෝහල් පාලනාධිකාරිය විසින් කටයුතු කරමින් තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

විශේෂයෙන්ම ඔහු සේවය කරන නැගෙනහිර කොළඹ රෝහලේ හෙද නිලධාරිනිය ඉවත් කොට සාමාන්‍ය සේවකයෙකු යටතට මෙම අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා සතු අධිකරණයට ඉදිරිපත් කළ යුතු සාක්ෂි සටහන් ලබාදීමට රෝහල් පාලනාධිකාරය කටයුතු කරමින් සිටින බවද පැවසේ.

උදාහරණයක් ලෙස තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එහි අධිකරණ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර ට චෝදනා එල්ලවූයේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධවයි. එම නිසා මේ ආකාරයට මෙම නඩු වලට සම්බන්ධ සාක්ෂි සටහන්ද මෙය ආකාරයේ සාමාන්‍ය සේවකයෙකුට පැවරීම හරහා සිදුකරමින් පවතින්නේ සාක්ෂි විනාශ කිරීම සඳහා ද යන සැකයක් මතුව ඇත.

මෙයට විරුද්ධ අදාළ වෛද්‍යවරයා මුල්ලේරියාව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනුකොට තිබෙන අතර මේ පිළිබඳව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ අලුත්කඩේ අංක 8 දරන මහේස්ත්‍රාත් අධිකරණයට ද ඔහු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

එමෙන්ම අංගොඩ රෝහලේ මෙම නඩුවට අදාළ සාක්ෂි සටහන් තිබූ ලැප්ටොප් පරිගණකය ද පසුගියදා අතුරුදහන් වී තිබූ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියටද පැමිණිලි කොට ඇත.

එම රෝහලේ පාලනාධිකාරිය විසින් ද මෙම වෛද්‍යවරයාට ලබා දී තිබූ කාර්ය මණ්ඩල ඉවත් කොට ඇති අතර මෙහි අධ්‍යක්ෂකවරුන් ඇතුළු පාලනාධිකාරිය විසින් වෛද්‍යවරයාට දිගින් දිගටම චෝදනා එල්ල කිරීම හමුවේ ඔහු නිසි වයස් සම්පූර්ණ වීමටත් පෙර මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම යෑමට අදාල ලියකියවිලි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී ඇත.

මොහු දිවයිනේ සිටින ප්‍රධාන පෙළේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර ඔහුගේ සේවය තව වසර හතක් පමණ ලබා ගැනීමට හැකියාව තිබියදීත් මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් සහ රෝගීන්ට වඩා තම කාර්ය මණ්ඩලය වැරැද්දක් කළ ද එය හෙළි කිරීමට ඉඩ ලබානොදීම ගැන මේ රටේ ජනතාවට මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැසිරීම් ගැන තවදුරටත් සිතා බැලිය යුතුව ඇත.


( BBC සිංහල සේවය )

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්