සමගි ජන බලවේගය නියෝජනය කරන මහරගම නගර සභාවේ හිටපු විපක්ෂ නායක රාහුල පෙරේරා,

ලක්ෂ්මන් පෙරේරා ඇතුළු පිරිසක් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හමුවී එම පක්ෂයට සහාය පල කරන ඇත.

ඒ, ඊයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මහරගම ආසන ජන හමුවේ දීය.

එහිදී ජනහමුව ඇමතු මහරගම මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක රාහුල පෙරේරා මෙසේ පැවසිය.

{gallery}sjb to patali{/gallery}

 

 

''රටට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි''- පාඨලී

එක්සත් ජනරජ පෙරමුණේ ගොඩනැගුවේ ඇයිද කියන කාරණය පැහැදිලි කරමින් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ පැවසිය.

“අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක්, පක්ෂයක් හැදුවේ ඇයි? කවුරුත් දන්නවා ගිය අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා බංකොලොත් භාවය ප්‍රකාශ කරනවත් එක්කම අපට තෙල් ටික ගේන්න සල්ලි නැහැ. ගල් අඟුරු ටික ගේන්න සල්ලි නැහැ. කැපුණා. බෙහෙත් නැති වුණත්, දරුවෝ මැරෙන්න පටන් ගත්තා. ගෑස් පිපිරුණා. ඒ වගේ මහා ඛේදවාචකයක් රටේ, ඒ අවස්ථාවේදී අපි හරිනම් විපක්ෂයක් හැටියට අපිට කළ යුතුව තිබුණු දේ තමයි අපි ආණ්ඩුව භාර අරගෙන එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවලා හරි රට ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම. මොකද ආණ්ඩුවේ විශාල පිරිසක් මහා මැතිවරණය පැවැත්වුවා. කෝවිඩ් එක ඉවර වුණාට පස්සේ බොහෝ දෙනෙක් අපට පවසපු දේ තමයි රාජපක්ෂ පවුල එක්ක මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මේ ආණ්ඩුව ඉතාම නුදුරු දිනයක දී බංකොලොත් භාවයට පත් වෙනවා. ඒ නිසා අපි එකතු වෙලා වැඩක් කළ යුතුයි කියලා.  සමහර අපේ නායකයින්ට රාජපක්ෂලාගේ නම කියන්න බය වුණා. ඒ තරම් බියපත් වෙච්ච ස්වරූපයකින් තමයි අපි අපේ නායකයෝ රාජපක්ෂලාට මුහුණ දුන්නේ. ඉතින් මම නම් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.



'' මං දන්නවා රාජපක්ෂලා අපිට බය බව.  ඒ අය ජයග්‍රහණය කරපු හැටියේ මුලින්ම අත්අඩංගුවට ගත්තේ මාව. ඒ මොකද අපිට බය නිසා. අදටත් ඒ බය ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ ගැන අපිට ආඩම්බරයි. අපිට රාජපක්ෂ පවුල ගැන කිසිම වෛරයක් නෑ. නමුත් මේ රට බංකොලොත් වෙන තාක් හොරකම් කරපු මේ ජාවාරම්කාර පැලැන්තියට දඬුවම් දීම,අපි අපේ අංක එකේ අරමුණක් බවට පත්කරගෙන තියෙනවා. ඒ සඳහා අලුත් දේශපාලන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට ඔරොත්තු දෙන ව්‍යාපාරයක් අපිට අවශ්‍යයි කියලා අපි කල්පනා කළා. ''



'' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පමණක් නෙවෙයි. පසුගිය ජූලි නම වෙනිදා පරාජයට පත්වුණේ. මේ රටේ විපක්ෂයක් ඒ ජූලි නමවෙනිදා පරාජයට පත්වුණා. දැන් අන්න ඒ තත්වය තුළ මේ රටට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. දෙසීය විසිපහම හොරු කියලා සෑම විපක්ෂයේ ඉන්න හැමෝටම අපි නම් චෝදනා කරන්නේ නැහැ. මොකද, රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ මිනිස්සු ප්‍රමාණයක් විපක්ෂයේත් ඉන්නවා. සමහර පිරිසක් ආණ්ඩුවෙත් ඉන්නවා. අද අවශ්‍යයි මේ ජාතිකමය වශයෙන් ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඉදිරියට යන්න. පරණ පවුල් වලට පරණ සාම්ප්‍රදායික මත වලට, මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. ඒක ඉදිරියට ගෙනියන්න නම්, ශක්තිමත් නව මතවාදයක් රට කරවන්න පුළුවන් මිනිස්සුන්ගේ එකමුතුවක් අපි ඇති කරගත යුතුයි. මේ එක්සත් ජනරජ පෙරමුණ අපි බිහි කළේ ඒ වෙනුවෙන්”

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්