ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත

මිත්‍රපාල පත් කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) රැස්වූ අවස්ථාවේද මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පසුගිය දා කටයුතු කළේය.

සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා සැලකුනේ දයාසිරිගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසයි. පක්ෂයේ සභාපතිවරයාට බරපතල චෝදනා 07 ගොනුකරමින් පක්ෂයේ මහ ලේකම්ව සිටි දයාසිරි ජයසේකර යොමුකර තිබු ලිපියට එවකට පක්ෂයේ උප සභාපතිව සිටි සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ද අත්සන් කර තිබිණ.




 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image