ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනෙකු විසින් බරපතල චෝදනා 07ක් එල්ලකරමින් එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර ඇතැයි

විස්වාසනීය ආරංචිමාර්ග වලින් වාර්තාවේ.  

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දවසින් දවස බෙලහීන වූ ආකාරය කරුණු කාරනා සහිතව ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ශාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් සහ මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල එම ලිපියට අත්සන් කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි ඔවුන් විසින් ඉදිරිපත්කර ඇතැයි කියන චෝදනා මෙසේය.

1)  2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නම යෝජනාකර තිබියදී කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රීලනිප අපේක්ෂකයාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම.

2) 2015 දී එජාපය සමග එක්ව හවුල් ආණ්ඩුවක් බිහිකර ප්‍රධාන විපක්ෂයේ භූමිකාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි කිරීම.

3) ශ්‍රීලනිපයෙන් බිඳී ගොස් 'පොහොට්ටුව' නමින් වෙනත් පක්ෂයක් ගොඩනැගු කිසිවකුට එරෙහිව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන ශ්‍රීලනිපය විනාශයට යාමට ඉඩහැරීම.

4) සාමුහිකව කටයුතු කිරීමට නොහැකියාව මත ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයා නොකැඳවීමෙන් පාස්කු ප්‍රහාරයේ වගකීම ශ්‍රීලනිප නායකයා වෙතට එල්ලවීම නිසා සම්ප්‍රදායික කතෝලික ඡන්දායකයින් ශ්‍රීලනිපයෙන් දුරස්වීම.

5) 2019 ජනාධිපතිවරනයේදී ශ්‍රීලනිප නායකයා සක්‍රියව කටයුතු නොකිරීම නිසා මහ මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයට හිමිවියයුතුව තිබු ඇමතිධුර අහිමිවීම.

6) 2023 ජනවාරි 11 වෙනිදා ශ්‍රීලනිපයේ මෙහෙයවීම මත  'හෙලිකොප්ටරය' සලකුණ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39කගේ එකමුතුවක් ගොඩනගා තිබියදී ජනවාරි 14 දා එම සන්ධානයේ නායකයින් වෙත දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රීලනිපයේ සම්ප්‍රදායික මිතුරන් වන ජාතිකවාදීන් හා වාමවාදීන් සතුරන් බවට පත් කර ගැනීම.  

7) නිමල් සිරිපාල ගොනුකර තිබු පෙත්සමට අදාල අධිකරණ නියෝගයට අනුව,  ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්ව තහනම් කර යැව් ලිපි ආපසු කැඳවීමට පමණක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් තීන්දුකර තිබියදී ඇමතිධුර ගත් සියලුදෙනා යළි මධ්‍යම කාරක සභාවට කැඳවීමෙන් ශ්‍රීලනිපය
ආණ්ඩුව නියෝජනය කරනේද ? විපක්ෂය නියෝජනය කරනේද ? යන කාරණය හඳුනාගත නොහැකි අනන්‍යතා අර්බුදයකට ලක්වීම.

ඒ අනුව, මෙවර ශ්‍රීලනිප සම්මේලනයේදී ආණ්ඩුව විවේචනය කරනවද ? ආණ්ඩුව රකිනවද ? ඒ සම්බන්ධයෙන් පාක්ෂිකයින්ට දෙන පණිවිඩය කුමක්ද ? එම ලිපිය මගින් විමසා ඇතැයි ද වාර්තාවේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්