leader s

බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචිය හා ඉඩම් පැවරීම් ඇතුළු කාර්යයන් සඳහා වලංගු TIN සහතිකය අනිවාර්ය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්.


18 සම්පූර්ණ සැමට TIN අංකය අනිවාර්ය කෙරෙන නීතිය යටතේ ලබන මස පළමුවැනිදා සිට ප්‍රධාන මහජන සේවා 8කට පනවා ඇති නව කොන්දේසි මෙන්න.


බැංකු ගිණුමක් අලුතින් ආරම්භ කිරීම ඇතුළු නිශ්චිත කාර්යයන් 8කට ලබන නොවැම්බර්  01 වැනිදා සිට TIN සහතිකය අනිවාර්ය යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිශ්චිතව දක්වා ඇති කාර්යයන් 8ක් සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම 2026 නොවැම්බර් 01 වන දින සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශිය  ආදායම්  දෙපාර්තමේන්තුව  පවසන්නේ , 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය සහ 2023 අංක 2334/21 දරන ගැසට් නිවේදනය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම වාසික පුද්ගලයන් බදු හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය බවයි.

2026 අංක 11 දරන සංශෝධන පනතට අනුව මෙම නව නියෝගය ක්‍රියාත්මක කෙරේ.

TIN සහතිකය අනිවාර්ය කෙරෙන ප්‍රධාන කාර්යයන් 08

ඒ අනුව, බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුමක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ එහි ධාවන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් සඳහා TIN සහතිකය ඉදිරිපත් කළ යුතුය.

මෙම කාර්යයන් කිරීමට පෙර වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට අදාළ නිලධාරීන් තහවුරු කර ගත යුතු බවට චක්‍රලේඛ මගින් උපදෙස් දී ඇත.

TIN සහතිකය ලබා ගන්නේ සහ තහවුරු කරගන්නේ කෙසේද?

TIN අංකයක් නොමැති අය https://eservices.ird.gov.lk හරහා ඊ-සේවාව ඔස්සේ ලියාපදිංචි විය යුතු බවත්, දැනටමත් TIN ඇති අය එහි වලංගුභාවය තහවුරු කර ගත යුතු බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය සඳහන්ව මුද්‍රණය කරන ලද පිටපතක් ද නිල සහතිකය වෙනුවට පිළිගන්නා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ගේ  අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.


(සටහන | ජේ. මුණසිංහ)

tin 2394853

tin 9334ut93w4t

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්