හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර විසින් නියෝග කරනු ලැබුවේ සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
නිත්‍යානුකූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියෝග කළේය.