මීට වසර හතරහමාරකට පෙර මෙරට කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන හතක් ඉලක්කකොට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉකුත් සතියේ සිට නැවත මෙරට ජන සමාජය තුළ කතිකාවතකට පාත්‍රව තිබේ.

ඒ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිකුත්වූ වීඩියෝවක් හේතුවෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණවලින් නියම අපරාධකරුවන්ට දඬුවම් නොලැබුණු බවට චෝදනා ද එල්ල කළ බොහෝ පිරිස්, මෙම වීඩියෝවෙන් හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුබවට ප්‍රකාශ කරති.

මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුයේ, ''හරිවිදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතන වලට ඒ පරීක්ෂණ කටයුතු සඳහා තම පක්ෂයේ පුර්ණ සහය ලබා දෙනබවයි.

'' මැතිවරණයක් ළංවන වෙලාවට මේ ප්‍රශ්නේ එලියට එනවා ඊට පස්සේ යට යනවා'' යයි ද ඔහු කියා සිටියේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. 

''ටීවී - රේඩියෝ චැනල් වලින් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්විය නොහැකියි'' 

'' රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු අග්‍රාමාත්‍ය කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත් කර තිබුණා. එහි වාර්තාව පවා තිබෙනවා. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම, සුමන්දිරන් මහතාත් සමාජිකයින් විදිහට ඉදලා තිබෙනවා. එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා.

මේ වාර්තා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට සෑහීමකට පත් වෙන්න බැරිනම් ඊලග පියවර තමයි රාජ්‍ය නොවන සංවිධාන, ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට ලෝකයේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම. විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල රාජ්‍ය ආයතන. '

 

''නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එලියට එනවා ඊට පස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ. හරිවිදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතන වලට පරීක්ෂණ කටයුතු කරන්න අපි අපේ සහය ලබා දෙනවා.''

 

''ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ''  - සාගර කාරියවසම් 

කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් බීබීසි සිංහල සේවයට පවසා තිබුනේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයැ යි නොසිතන නමුත්, නිවැරදි විමර්ශනයක් කර සත්‍යය හෙළිකරන්නැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

2018 වසර වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවක පැවති පළාත් පාලන මැතිවරණය ඉහළින් ජයගනු ලැබූ බැවින් බෝම්බ පුපුරුවා ඡන්ද දිනීමට කිසිදු වුවමනාවක් නොතිබූ බව ඔහු ප්‍රකාශ කරයි. 

මේ හේතුවෙන් බෝම්බ ප්‍රහාරය පිලිබඳව පරීක්ෂණයක් සිදුකොට සත්‍යය හෙළිකළ යුතු බව ද ඔහු කියා සිටියි. 

"ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අපේ රටේ ඉන්න විමර්ශකයින් ඒ පිළිබඳ මනා දක්ෂතාවයක් යුක්ත අය කියලා. නමුත් මේ රටේ ඇතැම් කොටස් මේ පරීක්ෂණයට ජාත්‍යන්තර පරීක්ෂකයින් අවශ්‍යයි කියලා කියනවා. ඒ නිසා අපි පක්ෂයක් ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන නිවැරදි විමර්ශනයක් කරලා සත්‍යය හෙළිකරන්න කියලා," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පැවසුවේ ය.

චැනල් 4 වීඩියෝව ගැන ජනපති ගත් තීරණය

 පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනයට ජාත්‍යන්තරය අවශ්‍ය ද? - පක්ෂ විපක්ෂ මතය

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන සමයේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමිසිංහ, ප්‍රහාරයට තුඩුදුන් හේතු විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 2019 අගෝස්තු 6 වැනි දා සාක්ෂි දෙමින්.

චැනල් 4 නාලිකාව පසුගිය 5 වැනිදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මඟින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට නියමිත බව ඉකුත් ඉරිදා (සැප් 10) දැනුම් දුන්නේ ය.


2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ 'සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරෙන' බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතිබව‍ එම වාර්තා වේ සඳහන් විය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේ දී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ දැක්වේ.


සබැඳි පුවත් :
පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනයට ජාත්‍යන්තරය අවශ්‍ය ද? - පක්ෂ විපක්ෂ මතය

චැනල් 4 : ජනාධිපති හා ආරක්ෂක අමාත්‍යාංශය දෙන්නා දෙපොලේ 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්