ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට

පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ( සැප්. 13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ය.

මෙම නව පනත් කෙටුම්පත අලුත් කරුණු රාශියක් ඉදිරිපත් කර ඒ යටතේ චෝදනා ලැබූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.

”අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් වශයෙන් ඉදිරිපත් කරපු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නැවැත්තුවා. නවත්තලා. ඒ සම්බන්ධයෙන් අදහස් අර ගත්තා. අදහස් අරගෙන ඒ අදහසුත් කැටි කරගෙන අලුත් සංශෝධනයක් ඉදිරිපත් කරලා දැනට කැබිනට් මණ්ඩලය අවසර ලබා දීලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත යනුවෙන් පනතක් හඳුන්වා දීම සඳහා. මම හිතනවා ඉතාමත් ම ඉක්මනින් ලබන සතියේ හෝ මේ සතියේ අවසානය හෝ ලබන සතිය වෙනකොට මේක ගැසට් කරන්න. තිබෙන පනතට සාපේක්ෂව ඉතාමත් ම ප්‍රගතිශීලි අලුත් කරුණු රාශියක් අපි ඉදිරිපත් කරලා ඒ යටතේ චෝදනාවට ලක් වුණ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ ව්‍යවස්ථානුකූල ව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා” යයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්