පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා දේශපාලකයන් නම් කරමින් පසුගියදා චැනල් - ෆෝ නාලිකාව විසින් විකාශය කරනු ලැබූ රුපවාහිනී වැඩසටහනට එරෙහිව බළලුන් ලවා කොස් ඇට බාවන ආකාරයට එම

නාලිකාවට චෝදනා හා ප්‍රති චෝදනා එල්ල කිරීම නවතා, මේ රටේ ජනතාව දන්න අර්ධ සත්‍ය වසන් නොකර සත්‍ය සොයා ගැනීම සඳහා වහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න රජයට බල කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

'' හිටපු තනාපතිවරයෙකු වන සරත් කෝන්ගහගේ 'චැනල් 4' හි පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳව විපක්ෂයට හා සමගි ජන බලවේගය ට චෝදනා නගා තිබෙනවා. සජිත් ප්‍රේමදාස හා දෙමළ ජාතික සංධානයේ තහවුරු නොකළ තොරතුරු මත 'චැනල් ෆෝ' නාලිකාව හරහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රචාරය වූ බවට කරන ලද චෝදනා පිළිබඳව මාධ්‍යවල වාර්තා කර තිබෙනවා. '' යයි පැවසු වික්‍රමරත්න මන්ත්‍රීවරයා, පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය වසන් කිරීමේ අරමුණින් විපක්ෂ නායකට මඩ ගැසීමේ ව්‍යාර්ථ උත්සහය අත්හරින ලෙස අදාළ අයට කියා සිටින බවද සඳහන් කළේය. 

විවිධ පුද්ගලයන් ලවා රජය තම දේශපාලන වාසි තකා ජනතාව නොමඟ යවන්නේ නැතිව පාස්කු සම්බන්ධ ප්‍රචාරය ගෙන ගිය මාධ්‍ය ආයතනය හා මාධ්‍යවේදීන්ට පහර නොදී පාස්කු වින්දිතයන්ට යුක්තිය හා සාධරණත්වය ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ඔහු අවධාරණය කළේය.

රටට අදාළ වන්නේ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය විනා එය ප්‍රචාරය කළ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන නොව බව පැවසු මන්ත්‍රීවරයා, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික සියලු ජාතීන්ට අයත් පුද්ගලයන් මෙන්ම විදේශිකයන් ද ජීවිතක්ෂයට පත් වු බවත්, මෙය ජාතියකට ආගමකට පමණක් නොව දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල කළත් එක හා සමාන විනාශය ම සිදුවන බව කියා සිටියේය.

"එහෙයින් මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද ? එහි පිටුපස සිටියේ කවුරුන්ද ? යැයි ස්වාධීනව සොයා බලාන්න." ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.'

 

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ලංකාවට ණය ලබා දීමේදී එකඟ වූ මූලික කොන්දේශි ඉටු කර ඇත්දැයි එම ආයතනය විසින් සොයා බැලීම ආරම්භ කර ඇතැයි පැවසූ වික්‍රමරත්න මන්ත්‍රීවරයා, මෙවර ප්‍රධාන කොන්දේශියක් ලෙස රාජ්‍ය පාලනය පිළිබඳවද සොයා බැලීම් කරනවා යැයි කීය. දෙවන ණය වාරිකය ලබා දීමට ප්‍රථම මෙම සොයා බැලීමේ වාර්ථාව දින දහයකින් පමණ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජයේ එකඟතාවය පිළිබඳව පර්යේෂණ ආයතනයක් වන 'වෙරිටේ' ආයතනය රජය පොරොන්දු වූ ඇතැම් කොන්දේසි ඉටු කර නැතැයි සඳහන් කරයි. 

'' මෙවර කොන්දේසිවල වැදගත් කරුණ නම් රාජ්‍ය පාලනය නිසි මගට යොමු කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජයට කොන්දේසි පනවා තිබෙනවා. මෙම රජය බලයට පත් වූ දා සිට රාජ්‍ය පාලනය හා මූල්‍ය පාලනයේ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් රට බංකොළොත් වූවා යැයි රජය නිල වශයෙන්ම ලොවට ප්‍රකාශ කර ගත් ණය ආපසු ගෙවීම ද අත් හිටුවේය.

රාජ්‍ය පාලනය හා දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම මේ රටේ වත්මන් තත්ත්වය අනුව ඉතා වැදගත් යැයි මූල්‍ය ආයතනය වෙත ස.ජ.බ ය ප්‍රකාශ කරනවා. ආර්ථිකය හදන්නේ නම් නීතියේ පාලනය ද ඉතා වැදගත් වෙනවා.

රටේ නීතියේ පාලනය හා රාජ්‍ය පාලනය පිළිබඳව ලංකාවේ සිවිල් සමාජය ද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එකී කරුණු ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සැලකිල්ලට භාජනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

රටක ස්වාධීන ආයතන නොමැති කල කිසිදා විවෘත ස්වාධීන සමාජයක් බිහි කළ නොහැකිය. එහිදී ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක්, ස්වාධීන අල්ලස් කොමිසම් සභාවක් අත්‍යවශ්‍ය වෙනවා. දැනට ස්වාධීන අල්ලස් කොමිසම මෑතදී සම්මත කරන ලද දූෂණ විරෝධී පනත මගින් ලිඛිතව පිහිටුවා ඇතත් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පැවතියේ නම් නීතිපති විසින්ම නඩු පවරා නීතිපති විසින්ම දූෂිතයන්ට එරෙහි නඩු ඉල්ලා අස්කර ගැනීමි ඛේදවාචකයක් උදා වන්නේ නැතැයි ද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසිය. 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්