දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව ප්‍රදානය කරන ලද රාජ්‍ය සමාව යටතේ 2023.9.12 දිනට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ගේ නිර්දේශය මත සිරකරුවන් 933දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම රාජ්‍යය සමාව යටතේ සිරකරුවන් 926ක් සහ සිරකාරියන් 07දෙනෙකු ද නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12  වන දින සිට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින සිරකරුවන් 2023.09.12 දින වන විට සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ශේෂය අහෝසි කිරීම ඇතුළු හේතූන් කිහිපයක් මත මෙසේ සිරගත වූවන් උදෙසා සමාව ප්‍රදානය කර ඇත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්