පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් නව තොරතුරු

අනාවරණය කර ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධ නඩුවේ තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මේ බව දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ තින්දුව සම්බන්ධව ⁣ගොනුකර ඇති මෝසම් සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම නඩුව බුවනෙක අලුවිහරේ, මුර්දු පුනාන්දු, එස්.තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ කුමුදුනි වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කියා සිටියේ, මෙම සිද්ධිය පිළිබඳ නව කරුණු චැනල් 4 නාලිකාව මගින් අනාවරණය වි ඇති බවත් දැනට ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සහාවක් පත් කර ඇති බවත් එබැවින් මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙසත්ය.



පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගාමිණි පෙරේරා කියා සිටියේ, තීන්දුව නිසි අයුරින් ක්‍රියාත්මකව නොමැති බැවින් ඉදිරියේදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරන බවට මෝසමක් මාර්ගයෙන් දැනුම් දෙන බවය.

ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි චන්දක ජයසුන්දර කියා සිටියේ, තම සේවාදායකයා වන්දි කොටසක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල් ගෙවා දැමීමට නොහැකි බවයි.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මෝසම නොවැම්බර් 2 වැනිදා සළකා බලන ලෙස නියෝග කළේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්