1200 x 80 DMirror

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි ස්ථානයෙන් ඉවත්කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇතැයි වාර්තාවේ.


නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරු, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑම ගත් උත්සහට මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සහය දී ඇත්දැයි යන සැකය මත එම තීරණය ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියේය.

එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරුවන් පිළිබඳව රාත්‍රී කාලයේ විමර්ශන සඳහා ගොස් ඇති (නයිට් විසිට්) අදාල සහකාර පොලිස් අධිකාරිවරයා, හරක් කටා නමැත්තා සමග ඔහුගේ නඩුවට අදාල කරුණු සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදීම කතාබහ කරමින් සිට ඇතැයි අනාවරණය වී ඇත.

එසේම හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන තමා වෙත බාරදෙන ලෙස අදාල සහකාර පොලිස් අධිකාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි ද පැවසේ.

එම සැකකටයුතු කරුණු මත මෙම සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


කොස්තාපල්ගේ වැඩ තහනම්


හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ  වැඩතහනම් කර ඇති බව ද පොලිස් මුලස්ථානය පවසයි.

හරක් කටාට දමා තිබු අත් විලංගු ලිහිල් කර ඔහුට පලා යාමට අවශ්‍ය පසුබිම සැකසු සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 10 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබුණි.  

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය