අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්,  කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොට ගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයාට හිතවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තාවලට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ට නිසි‍‍‍ ගෞරවයෙන් යුතුව කටයුතු කරන්නයි ද ජනාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට අවධාරණය කර තිබේ.

“අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ, අත්අඩංගුවට ගනුලැබීම පුද්ගල කීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින් පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළයුතුය” ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. 

''කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය. එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතුයි''  යැයි ද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දරට උපදෙස් දී ඇත. 

ඒ අනුව, දූරදර්ශීව රාජකාරී ඉටුකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත. ''

(උපුටා ගැනීම අවසන්)Gotabaya 2020 text

 

පොලිසියට බලපෑම් කරන්නේ කව්ද ? ඇතුලේ කුමන්ත්‍රණයක් ගැන ඉඟියක් !

කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්, කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොට ගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොලිසියට මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ, අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහිවත් විනිසුරන්ට හා ඇතැම් මාධ්‍යවේදීන්ට එරෙහිවත් ආරම්භ කර ඇති පොලිස් විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කෝන්තරයක් මත සිදුවන්නක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබියදීය.

මේ සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී ජනාධිපතිවරයාට සමීප රාජ්‍ය ඇමතිවරයකු පැවසුයේ, කිසිඳු අකාරයේ දේශපාලන පලිගැනීමක් නොකරන ලෙසත්, විශේෂයෙන් විනිසුරන්, මාධ්‍ය හා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුනොකරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂා අංශ බලධාරීන්ට දැඩි ලෙස අවවාද කර ඇති බවයි.

තම අන්‍යනයතාවය හෙළි නොකරන ලෙස ඉල්ලමින් තවදුරටත් අදහස් දැක්වූ එම රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, යහපාලන ආණ්ඩුව රටට ජනතාවට වැඩ නොකර විරුද්ධවාදීන් පසුපස පන්නමින් දේශපාලන පලිගැනීම් වෙනුවෙන් කාලය නාස්ති කිරීම නිසා අත්වූ ඉරණම තම නිලධාරීන්ට කිහිප වරක්ම පැහැදිලිකර ඇති ජනාධිපතිවරයා, තම රජය ද එලෙස කටයුතු කළහොත් යහපාලන ආණ්ඩුවට අත්වූ ඉරණම තම රජයද අනිවාර්යයෙන් හිමිවන බවට අනතුරු හඟවා ඇතැයි ද පැවසිය. 

පොලිසියට බලපෑම් කරන්නේ කව්දයන කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසීමේදී ඔහු සඳහන් කලේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන සැකයක් මතුව ඇති බවයි. 

නීතිපති දප්පුල ජනපතිගේ කීමටවත් එකඟ වුණේ නෑ! – වාසු 

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නීතිපති දප්පුල ලිවේරා අමතා එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට නොගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය ද නීතිපතිවරයා එයට ද එකඟ නොවූ බවයි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කිරීමට තරම් ප්‍රබලයකු අත්අඩංගුවට ගත්තේ නම් ඒ පාඨලී චම්පික රණවක බව  emanisa.lk වාර්තා කර තිබිණ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්