ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතුව තිබූ වැදගත් එකඟතා 8ක් මෙතෙක් ඉටුකර නොමැති බව 'වෙරිටේ රිසර්ච්' ආයතනය පවසයි.


 එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂිකා සුරේනි වීරතුංග පැවසුවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මෙතෙක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීමේ වැඩකටයුතුද මෙතෙක් සිදුකර නොමැති බව ඇය පැවසුවාය.

එහෙත් ඉකුත් අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව ඉටුකළ යුතු එකඟතා 57 න් 38 ක් සම්පූර්ණ කර තිබූ බව 'වෙරිටේ රිසර්ච්' ආයතනයේ සුරේනි වීරතුංග වැඩිදුරටත් පැවසුවාය.




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සදහා මේ මාසය තුළද ඉටුකළ යුතු වැදගත් එකඟතා ඇති බව ඇය සදහන් කළාය.

 ඒ අතරින් ආසියාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටකට හදුන්වාදී ඇති “ආණ්ඩුකරණය පිළිබද විමර්ශනය කරන වාර්තාව” ඉතා වැදගත් බව  ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂිකා සුරේනි වීරතුංග පැවසුවාය.



කුමන්ත්‍රණයක් !


මේ අතර රට බංකලොත් බව ප්‍රකාශයට පත් කිරීම සදහා මාස කිහිපයක සිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ.

ඒ, රට තුළ ආර්ථික බංකලොත්භාවය ඇතිවීමේ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදීය.



මෙවැනි ප්‍රකාශ හරහා රටේ ආර්ථිකය විනාශ වන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කර සිටියි. 



මෙම කාරක සභාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ රට බංකොලොත්භාවයට පත් කිරිම පිළිබද බුද්ධි අංශ මගින් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවයි.


 


වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසුවේ රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලය පවා තීරණයක් ගෙන නොතිබූ බවයි.




අයි.එම්.එෆ් සමාලෝචන සාකච්ඡා ඇරැඹෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

 ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ පළමු ණය වාරිකය ලබාගැනීම සදහා ඉටුකළ යුතුව තිබූ එකඟතා ඉටු කිරීම පිළිබද සමාලෝචනයක් සිදු කිරීමයි. එහි ප්‍රතිඵල මත දෙවන ණය වාරිකය මුදාහැරීම සිදුවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා  පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පසුගිය 14 දා පැවැත්විණි. සති දෙකක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වේ.

 මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගී වෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්‍යා ස්වරිසෙන්කා , මයික් ලී,  සොෆියා ෂෑන්ග්,  ඩිමිත්‍රි රෝස්කෝව්, නෝඩා සෙලීම්, සන්දේශ් දුන්ගානා , නුයි මියාඕ , ජෝයි ටර්කෙවිට්ස්, නුඔන්ග් ලැන් වූ මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර මාර්ක් ඇඩම්ස් මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක් විය.


 (උපුටා ගැනීම් -nethnews.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්