පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්වයක පැවති බවත්,

පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය බිඳවැටී තිබුණු බවත්, පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහල නංවා තැබීමට හැකී වූ බවත්‍ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල අද (16) දින විවෘත උත්සවය අමතමිනි.

පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීමට හැකි වූ බව පැවසු අමාත්‍යවරයා, එයට ප්‍රති උපකාරයක් ලෙස සියළුම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බවත්, මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත් කියා සිටියේය.


ඇතැමුන් පොලීසියට කෙතරම් බැන වැදුනද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේද ශ්‍රී ලංකා පොලිසිය පමණක්ම බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී අවධාරණය කළේය.


මෙවර උසස්පෙළ විභාගයේ වාණිජ අංශයේ කුරුණාගල දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේම 12 වැනි ස්ථානය හිමි කරගත්, පොලිස් නිලධාරියෙකුගේ දියණියක වන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ එම් සාවින්දි පූර්ණිමා ජයවර්ධන දියණියට අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ ඇගයීමේ ත්‍යාගයක් පිරිනැමීම ද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

zdfsdfe33


මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක්ද එක්ව සිටියේය.

{gallery}Polpitigama Police{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්