සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම්

පැනවිය හැකි වන පරිදි නව නීති පද්ධතියක් ගෙනඒමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  දිනපතා පැමිණිලි ලැබෙමින් පවතී.

එවැනි අනිසි බලපෑම් වැළැක්වීමේ අරමුණින් අදාළ නව නීති කෙටුම්පත් කර ඇති අතර එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකි බව වාර්තා වේ.

 එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමටද හැකියාව පවතින බව පැවසේ.

ශ්‍රී ලංකාව තුළ අසභ්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම තහනම් කිරීම සඳහා, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත්කර තිබු අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර මේවනවිට ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා තිබේ.


සබඳි පුවත් :

අන්තර්ජාල අසත්‍ය තොරතුරු වැළැක්වීමට නව නීතියක් !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්