අනුරයාපා -නිමල් ලන්සා කණ්ඩායම සමගි ජන බලවේගය සභාපති සරත් ෆොන්සේකා සහ ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක ද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනපතිවරණය හා මහ මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බව දැනගන්නට තිබේ. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම හමුවීම් දෙක සිදුවූ බව වාර්තා වෙයි.

මේ හැර ශ්‍රීල.නි.ප. නායක මෛත්‍රීපාල සිරිසේන සමඟද ඉදිරියේදී එකඟතාවක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බව ඒ සම්බන්ධයෙන් 'දේශය' පුවත්පතට  අදහස් දැක්වූ එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

කවර තත්ත්වයක් යටතේවත් ශ්‍රීල.නි.ප.යේ මන්ත්‍රීන් තනි තනිව තමන් ගොඩනගන දේශපාලන සන්ධානයට එක්කර නොගැනීමටද තීන්දුකර ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

අනුරයාපා -නිමල් ලන්සා කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති වික්‍රමසිංහ වෙත සහය පළකිරීම සඳහා ගොඩනැගු දේශපාලන ව්‍යාපාරයකි. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්