දෙමළ සහ සිංහල ජනයා උරුම කියන වන්නියේ ඉඩමක අයිතිය තීරණය කිරීම සදහා

අධිකරණයේ පිහිට පතන ලෙස ප්‍රාදේශිය ඉඩම් බලධාරියා ජනතාවට දැනුම් දී තිබේ.

වව්නියාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කරුපනිච්චාම්කුලම් ග්‍රාමයේ දෙමළ ජනයා ගොවිතැන් කරන භුමියක සුසාන භුමියක් සකස් කිරීම වෙනුවෙන් ඉඩම් මැන වෙන් කිරීම සඳහා මිනින්දෝරු නිලධාරීන් සැප්තැම්බර් 15 වැනිදා පැමිණ ඇත්තේ අසල්වැසි කොක්කුවේලි ග්‍රාමයේ සිංහල ජනයාගේ ඉල්ලීම පරිදිය.

ඉඩම් මැනීමට දෙමළ ජනයා විරෝධය පළ කර තිබුනේ "අපේ ඉඩම් වලට අත තියන්න එපා" ඇතුළු සටන් පාඨ සහිත විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමිනි.



එම භුමිය වෙත කොක්කුවේලි ග්‍රාමයේ සිංහල ජනයා පැමිණ ඇත්තේ ගාලු  මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයකු වු බලංගොඩ කාශ්‍යප හිමියන් සහ තවත් බෞද්ධ හිමිනමක් ද කැටුවය.



කරුපනිච්චාම්කුලම් ග්‍රාමයේ පදිංචි දෙමළ ජනයා පවසන්නේ අසල්වැසි කොක්කුවේලි ග්‍රාමයේ සිංහල ජනයා සුසාන භුමියක් වෙනුවෙන් ඉල්ලා සිටින භුමිය තමන් පාරම්පරිකව ගොවි තැන් කටයුතු කළ ඉඩමක් බවයි.

යුද සමයේ ගම් බිම් අතහැර පළායෑමට සිදු වීම නිසා වසරක කීපයක් එම භුමියේ වගා කටයුතු සිදු කිරීමට නොහැකි වුවද යළි තම ගම් බිම් වල පදිංචියට පැමිණිමෙන් පසු දෙමළ ජනයා එම භුමිය යළිත් ගොවි තැන් කටයුතු වෙනුවෙන් භාවිත කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබේ.

කෙසේ නමුත් එම ස්ථානයට පැමිණි වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන්. කමලදාස් කරුපනිච්චාම්කුලම් ග්‍රාමයේ පදිංචි දෙමළ ජනයාට දැනුම් දී  ඇත්තේ එම භුමිය 1967 වසරේදී සුසාන භුමියක් ලෙස භාවිත කළ බවට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සතුව නිල ලේඛන පවතින බවයි.

එවැනි තත්වයක් යටතේ මෙම ඉඩම් ගැටළුවට විසදුමක් ලබා ගැනීම සදහා අධිකරණයට යන ලෙස කරුපනිච්චාම්කුලම් හා කොක්කුවේලි ගම් වැසියන්ට දැනුම් දී ඇති ප්‍රාදේශිය ඉඩම් බලධාරියා වන වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන්. කමලදාස් කොක්කුවේලි ගම් වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් ඔවුන්ගේ ගම සමීපයේ ඇති වෙනත් සුසාන භුමියක් භාවිත කරන ලෙසයි.

කරුපනිච්චාම්කුලම් ග්‍රාමයේ පදිංචි දෙමළ ජනයා පවසන්නේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2019 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රිකාවක එම භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමියක් බවට සදහන්ව ඇති බවයි.



දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පසුගිය මැයි මාසයේදී සදහන් කර තිබුනේ  උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටීම සම්බන්ධයෙන් දෙමළ ජනතා නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේදී  1985 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවැති සිතියමට අනුව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිවරයා පැවසු බවයි.

{gallery}A struggling monk{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්