1200 x 80 DMirror

'චැනල් ෆෝ' කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින බව ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පවසයි. 

මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 54 වැනි සැසිවාරය, ජිනීවා නුවරදී පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. 

'චැනල් ෆෝ' කණ්ඩායම මෙලෙස ජිනීවා නුවරට ගොස් ඇත්තේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් විසින් පසුගියදා විකාශනය කරන ලද රුපවාහිනී වාර්තා වැඩසටහන පිළිබඳව හා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව නැවතත් ලෝකයේම අවධානයට ලක්ව ඇති මොහොතක ය.  

විශේෂයෙන් ම  'චැනල් ෆෝ' කණ්ඩායම විසින් මෙම සතිය තුළ දී, අදාළ ආන්දෝලනාත්මක වීඩියෝව සහ එයට පදනම් වූ සාක්ෂි, සාධක, කරුණු, තොරතුරු, ලෝකයේ සියළු රටවල රාජතාන්ත්‍රිකයින්ට නැරඹීමට සහ පරීක්ෂා කිරීමටත්, එම වීඩියෝ පටයට සම්බන්ධ වූ පාර්ශවයන් සමග එම රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ගැටළු සහගත තැන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් අවස්ථාව සැලසීමට 'චැනල් ෆෝ' කණ්ඩායම මේ වන විට සූදානමින් පසුවන බව වාර්තා වේ. 

චැනල් ෆෝ වීඩියෝවෙන් හෙළිදරව් නොවූ ඉතා රහසිගත තොරතුරු පවා, මේ වන විට දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලන්තයේ ජීවත්වන හිටපු පොලිස් නිළධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් මෙම හමුව තුළදී හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව තවදුරටත් වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම සියළු රටවල නියෝජිතයින් ද මෙම හමුව සඳහා සහභාගීවීමට නියමිත බව පැවසේ. 

 


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය